Sinhala News

චීන-ඇමරිකානු මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගිතා ක්‍රියාකාරීන්ගේ පළමු  හමුව ඇමරිකාවේ දී

චීන-ඇමරිකානු මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගිතා ක්‍රියාකාරීන්ගේ පළමු හමුව ඇමරිකාවේ දී

චීන-ඇමරිකානු මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගිතා ක්‍රියාකාරී කණ්ඩායම, පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුව පවත්වයි. එය ඉකුත් 31 වැනිදා ඇමරිකාවේ දී පැවැත්විණ. මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ පරීක්ෂණ සහයෝගිතා, තාක්ෂණික හුවමාරු, බහුපාර්ශ්වික සහයෝගිතා සහ අන්තර්ජාලයේ ඇති නීතිවිරෝධී වෙළඳ ප්‍රචාරණ ඉවත් කිරීම යනාදී අංශවල නවතම ප්‍රගතිය කෙරෙහි එහිදී අවධානය යොමුව තිබේ. ඉදිරි වැඩසටහන්වල දිශානතිය ද පැහැදිලි කර ඇත. මත්ද්‍රව්‍යවලට එරෙහි සංවාදය තවදුරටත් ශක්තිමත් කරමින්, ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව විසඳීම සඳහා එක්ව කටයුතු කිරීමට ද දෙපාර්ශ්වය එහිදී එකඟතාව පළ කර තිබේ. අරෝෂා සමරදිවාකර බෙයිජිං…
Read More
තම රටේ සංවර්ධනය ඕස්ට්‍රේලියාවට අභියෝගයක් නොව අවස්ථාවක් බව චීනය කියයි

තම රටේ සංවර්ධනය ඕස්ට්‍රේලියාවට අභියෝගයක් නොව අවස්ථාවක් බව චීනය කියයි

තම රටේ සංවර්ධනය ඕස්ට්‍රේලියාවට අභියෝගයක් නොව අවස්ථාවක් බව චීනය පෙන්වා දෙයි. ඕස්ට්‍රේලියානු- චීන කාර්මික හා වාණිජ කොමිසම “චීනය සමග ඇති වෙළඳාමෙන් ඕස්ට්‍රේලියානු ජනතාවට හිමිවන වාසි” මැයෙන් වාර්තාවක් පසුගිය දා නිකුත් කර ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (2) ‍එම වාර්තාව පිළිබඳ අදහස් දැක්වීය. ඕස්ට්‍රේලියාව චීනය සමග පවතින වෙළඳ සම්බන්ධතා එරට ජනතාවට විශාල යහපතක් ගෙන දී ඇතැයි වාර්තාව උපුටා දැක්වූ කරුණු හා දත්තවලින් පිළිබිඹු වන බව ඔහු එහිදී පැවසීය. චීනයේ සංවර්ධනය ඕස්ට්‍රේලියාවට අභියෝගයක්…
Read More
ඉන්දියාවේ නායයාම්වලින් මියගිය ගණන 341 දක්වා ඉහළට

ඉන්දියාවේ නායයාම්වලින් මියගිය ගණන 341 දක්වා ඉහළට

ඉන්දියාවේ නායයෑම්වලට ලක්වූ ප්‍රදේශවල මියගිය සංඛ්‍යාව 341 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සමස්ත ඉන්දීය ගුවන්විදුලිය මේ බව නිවේදනය කළේය. Padavettikunnu ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් දින තුනකට පසු එහි සිරව සිටි පුද්ගලයන් සිව් දෙනෙක් හමුදා නිලධාරීන් විසින් බේරාගනු ලැබූහ. කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයේ හටගත් නායයාම්වලින් ද විශාල පරිමාණයෙන් ජීවිත හා දේපළ හානි සිදුව තිබේ. විපතට පත් ප්‍රදේශවල මුදාගැනීමේ හා සහන මෙහෙයුම් උපරිම අයුරින් ක්‍රියාවට නංවා ඇතැයි බලධාරීහු පවසති.
Read More
හමාස් නායකයාගේ ඝාතනය හේතුවෙන් ඉරානයේ ජාතික ශෝක කාලයක්

හමාස් නායකයාගේ ඝාතනය හේතුවෙන් ඉරානයේ ජාතික ශෝක කාලයක්

ඉරානය ඊ‍යේ (31) සිට දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ,  පලස්තීන හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියා ටෙහෙරාන් නුවර දී ඝාතනයට ලක්වීම නිමිති කරගනිමිනි. ඉරානයේ ඇරයුම් ලද විදේශීය අමුත්තන් එම රටේ දී ඝාතනය කිරීම, "සියලු ජාත්‍යන්තර නීති සහ මනුෂ්‍යත්වයේ මූලධර්ම උල්ලංඝනය කිරීමක්" බව, ඉරාන රජය පැවසීය. එසේම,  පලස්තීන ජනතාවට සහ හමාස් නායක Ismail නායකයාගේ ඥාතීන් වෙත ද රජයේ සංවේගය පළ කර තිබේ. ඉරාන ජනතාව ඊයේ (31) ටෙහෙරාන් සහ මෂ්ෂද් ඇතුළු නගරවල ඊශ්‍රායල…
Read More
උතුරු කොරියාව සමග පවතින සබඳතා කිසිදා වෙනස් නොවන බව චීනය කියයි

උතුරු කොරියාව සමග පවතින සබඳතා කිසිදා වෙනස් නොවන බව චීනය කියයි

උතුරු කොරියාව සමග පවතින දිගුකාලීන මිත්‍රශීලී සම්බන්ධතා සවිමත් කිරීම පිළිබඳ තම ස්ථාවරය වෙනස් නොවන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව කියාසිටියේය. කොරියානු යුද්ධය නිමා වීමේ 71 වැනි සංවත්සර උළෙල පසුගියදා උතුරු කොරියාවේ දී  පැවැත්විණ. රුසියාව, වියට්නාමය, කියුබාව ඇතුළු රටවල තානාපතිවරුන් සහභාගි වූ එම උළෙලට චීන තානාපතිවරයා එක් නොවීය. චීන-උතුරු කොරියානු සබඳතාව ගැටලුකාරී බවත්, උතුරු කොරියානු සබඳතාවන්ට අදාළව චීනය හා රුසියාව අතර පවතින…
Read More
තම දේශපාලන නායකයා ඝාතනයට ලක් වූ බව හමාස් සංවිධානය තහවුරු කරයි

තම දේශපාලන නායකයා ඝාතනයට ලක් වූ බව හමාස් සංවිධානය තහවුරු කරයි

හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශ නායක ඉස්මයිල් හනියා අද (31) ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්ව ඇති බව එම සංවිධානය තහවුරු  කරයි. හෙතෙම ටෙහෙරාන් නුවරට පැමිණ ඇත්තේ, ඉරානයේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහායි. හමාස් සංවිධානයේ නිවේදනයට අනුව ඉස්මයිල් හනියා ඊයේ (30)  ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කින් සහ එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි හමු වී තිබේ. ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වී නිවසට පැමිණීමෙන් පසු ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. හමාස් ප්‍රධානියා සහ ඔහුගේ ආරක්ෂකයෙකු…
Read More
චීන කොමියුනිස්ට් පක්ෂය රටේ ආර්ථික කටයුතු විශ්ලේෂණය කරයි

චීන කොමියුනිස්ට් පක්ෂය රටේ ආර්ථික කටයුතු විශ්ලේෂණය කරයි

චීන කොමියුනිස්ට් පක්ෂය රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා ඉදිරි සැලසුම් විශ්ලේෂණය කරයි.  චීන කොමියුනිස්ට් පක්ෂයේ, දේශපාලන කාර්යාංශයේ එම රැස්වීම ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං අගනුවර දී (30) පැවැත්විණ. ඉදිරි කාර්තු දෙකේ ආර්ථික සැලසුම් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. වසර ආරම්භයේ සිට මේ දක්වා රටේ ආර්ථීක පැවැත්ම සමස්ත වශයෙන් ස්ථාවර වී ඇති අතර, එය ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාව ද ප්‍රශස්ත මට්ටමක පවතී. පරිභෝජනය ඉහළ නැංවීම,  ඉහළ මට්ටමේ විවෘතභාවය සහතික කිරීම සහ රටේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉදිරි දැක්ම ක්‍රියාත්මක…
Read More
චීනයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර හිමිකාරිත්වයේ කැපීපෙනෙන වර්ධනයක්

චීනයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර හිමිකාරිත්වයේ කැපීපෙනෙන වර්ධනයක්

චීනය මේ වනවිට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර 378 000 කට හිමිකම් කියයි.‍ 2023 වසර වන විට වාර්තා වූ මෙම සංඛ්‍යාව 2022 හා සැසඳීමේ දී  40% කට අධික වර්ධනයක් බව චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පෙන්වා දෙයි. චීනයේ මෙම හිමිකම් අනුපාතය, එම අංශයේ ගෝලීය වශයෙන් පවතින සාමාන්‍ය අගය ද ඉක්මවා ඇති බව අදාළ දත්ත වාර්තාවන්හි දැක්වේ. කෘත්‍රිම බුද්ධි කර්මාන්තය චීන ඩිජිටල් ආර්ථිකයේ නව නිපැයුම් ගම්‍යතාව ඉහළ නැංවීමට ද තුඩු දී ඇත. පසුගිය වසරේ චීන…
Read More
බොලිවුඩ් සුපිරි තරුව අක්ෂි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාවට

බොලිවුඩ් සුපිරි තරුව අක්ෂි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාවට

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව යන බව 'The Hindu' ප්‍රමුඛ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ෂාරුක් ඛාන් ජූලි 29 වැනිදා අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවත්, අදාළ ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවීම හේතුවෙන් ඇමරිකාව බලා පිටත්ව යන බවත් එම වාර්තාවන් හි දැක්වේ. 'තත්ත්වය නිවැරදි කිරීම සඳහා' මෙසේ පිටත්ව යන බවට එම වාර්තාවල දක්වා ඇත්තේ ප්‍රතිකාරයේ වැරදීමක් පිළිබඳව ද යන්න නිශ්චිත නැත. එම ප්‍රතිකාරවල ස්වභාවය හෝ ඔහුගේ…
Read More
චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්

චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝජියා මෙලනි මහත්මිය හමුවෙයි. අද (29) බෙයිජිං අගනුවර දී එම හමුව පැවැත්විණ. ස්ථාවර හා විධිමත් චීන-ඉතාලි සම්බන්ධතාවක් දෙරටේ යහපතට ගැලපෙන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ජාත්‍යන්තර තත්ත්වයන් කෙතරම් සංකීර්ණ වුව ද ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කෙරෙහි චීනය දක්වන සැලකිල්ල කිසිදු අයුරකින් වෙනස් වී නොමැත. සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් ඉතාලිය ඇතුළු සෙසු රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදාගැනීමට චීනය සූදානමින් සිටී. එසේම, ඉතාලිය චීනයේ සංවර්ධන සංකල්පය අවබෝධ…
Read More