බොලිවුඩ් සුපිරි තරුව අක්ෂි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාවට

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව යන බව ‘The Hindu’ ප්‍රමුඛ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ෂාරුක් ඛාන් ජූලි 29 වැනිදා අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවත්, අදාළ ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවීම හේතුවෙන් ඇමරිකාව බලා පිටත්ව යන බවත් එම වාර්තාවන් හි දැක්වේ.

‘තත්ත්වය නිවැරදි කිරීම සඳහා’ මෙසේ පිටත්ව යන බවට එම වාර්තාවල දක්වා ඇත්තේ ප්‍රතිකාරයේ වැරදීමක් පිළිබඳව ද යන්න නිශ්චිත නැත. එම ප්‍රතිකාරවල ස්වභාවය හෝ ඔහුගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *