චීනය මේ වනවිට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර 378 000 කට හිමිකම් කියයි. 2023 වසර වන විට වාර්තා වූ මෙම සංඛ්‍යාව 2022 හා සැසඳීමේ දී 40% කට අධික වර්ධනයක් බව චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පෙන්වා දෙයි.
චීනයේ මෙම හිමිකම් අනුපාතය, එම අංශයේ ගෝලීය වශයෙන් පවතින සාමාන්‍ය අගය ද ඉක්මවා ඇති බව අදාළ දත්ත වාර්තාවන්හි දැක්වේ. කෘත්‍රිම බුද්ධි කර්මාන්තය චීන ඩිජිටල් ආර්ථිකයේ නව නිපැයුම් ගම්‍යතාව ඉහළ නැංවීමට ද තුඩු දී ඇත. පසුගිය වසරේ චීන ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්තවලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබුණු දායකත්වය 10% කි.
අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට.