Sinhala News

බලහත්කාරයෙන් රඳවාගනු ලැබ සිටින පලස්තීනුවන් බරපතල ලිංගික හිංසාවන්ට ලක්වන බවට අනාවරණයක්

බලහත්කාරයෙන් රඳවාගනු ලැබ සිටින පලස්තීනුවන් බරපතල ලිංගික හිංසාවන්ට ලක්වන බවට අනාවරණයක්

ඊශ්‍රායල හමුදා භටයන් විසින් රඳවාගනු ලැබ සිටින පලස්තීන ජාතිකයෙකුට ලිංගික වදහිංසා පැමිණවීමේ සිදුවීමක් අනාවරණය කෙරෙන වීඩියෝ පටයක් නිකුත් කෙරේ. එම සිද්ධිය ඊශ්‍රායලයේ Keshet 12 රූපවාහිනී සේවය හෙළිදරව් කර ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම් යළි හටගත් දා සිට ඊශ්‍රායල හමුදාව පලස්තීන ජාතිකයන් දසදහසක පමණ පිරිසක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව මානව හිමිකම් සංවිධානයක වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. දරුවෝ සහ  කාන්තාවෝ සිය ගණනක් ඒ අතර වෙති. ශරීරය දැඩි වේදනාවන්ට පත්කරන උපකරණ යොදා ගනිමින් මේ පුද්ගලයන් අතිශය…
Read More
චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සූදානම් කටයුතු අවසන් අදියරට

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සූදානම් කටයුතු අවසන් අදියරට

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් කටයුතු අවසන් අදියරට පිවිසේ. එම ප්‍රදර්ශනය ආරම්භ වීමට තවත් ඇත්තේ දින 100 කට අඩු කාලයකි. මේ වන විට ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් මෙහෙයුම් අවසන් අදියරට පැමිණ ඇතැයි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන කාර්යාංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ වු චෙන් පිං මහතා ඊයේ (8) පැවති රැස්වීමකදී කියා සිටියේ ය. 7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන නොවැම්බර් මාසයේ 5 වැනි දා සිට 10 වැනි දා දක්වා ශැංහයි නුවරදී පැවැත්වීමට නියමිත ය. මේ…
Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදය සැප්තැම්බර් මාසයේ දී

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදය සැප්තැම්බර් මාසයේ දී

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර විවාදයක් සැප්තැම්බර් 10 වන දින පැවැත්වීමට නියමිත බව ABC මාධ්‍ය ජාලය වාර්තා කරයි. ඒ සඳහා එම අපේක්ෂකයන් එකඟ වී ඇති බව ද එම මාධ්‍ය ජාලය ඊයේ (08) වාර්තා කළේය.   මේ අනුව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් යන දෙදෙනාම මෙම විවාදයට ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කර ඇත. මිනිත්තු 90 ක කාලයක් පැවැත්වීමට නියමිත මෙම විවාදය Philadelphia නගරයේ දී පැවැත්වීමට…
Read More
චීනයේ විදේශ විනිමය සංචිතයේ වර්ධනයක්

චීනයේ විදේශ විනිමය සංචිතයේ වර්ධනයක්

ජූලි මාසය අවසන් වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.25 ක් වූ බව එරට විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනය පවසයි. ඊයේ (7) නිකුත් කෙරුණු වාර්තාවක මේ බව දැක්වේ. ජූනි මාසය අවසානය හා සසඳන විට එම සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 34 කින් වැඩි වී ඇති අතර, එය 1.06% ක වර්ධනයක් බව ද එම වාර්තාව කියයි. චීන විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ජූලි මාසයේ දී ඇමරිකානු ඩොලර් දර්ශකය පහත වැටී ගෝලීය…
Read More
නොබෙල් සාම ත්‍යාගලාභියාගේ නායකත්වයෙන් බංග්ලාදේශයේ තාවකාලික රජය ස්ථාපිත කෙරේ

නොබෙල් සාම ත්‍යාගලාභියාගේ නායකත්වයෙන් බංග්ලාදේශයේ තාවකාලික රජය ස්ථාපිත කෙරේ

නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus මහතාගේ නායකත්වයෙන් බංග්ලාදේශයේ තාවකාලික රජය ස්ථාපිත කෙරේ. Muhammad Yunus මහතා එම රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කර ඇති බව එරට මාධ්‍ය අද (07) උ‍දෑසන වාර්තා කළේය. එමෙන්ම තාවකාලික රජයේ සෙසු නායකයන් විවිධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් පසු නම් කෙරෙනු ඇතැයි ද ඇමරිකාවේ AP ප්‍රවෘත්ති සේවය සඳහන් කර ඇත. පසුගිය 5 වැනිදා බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina ධුරයෙන් ඉල්ලා අස්වූවාය. ඒ අනුව එරට පාබල හමුදා මණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කළේ තාවකාලික රජයක්…
Read More
චීන – ශ්‍රී ලංකා මාධ්‍ය සබඳතා තර වේ

චීන – ශ්‍රී ලංකා මාධ්‍ය සබඳතා තර වේ

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ අධ්‍යක්ෂිකා shi yue මෙනෙවිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. එහිදී ඔවුන් මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතන සමග ඉදිරි සහයෝගිතා පිළිබඳ සාකච්ඡා කරනු ඇත. එසේම චීන- ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රියාකාරකම් සඳහා ද එම නියෝජිත පිරිස එක්වනු ඇත. චීන මාධ්‍ය සමූහයේ නියෝජිත පිරිස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා හමු වී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇත. දෙරට අතර උසස් තත්ත්වයේ සංස්කෘතික හා…
Read More
‘ස්ථාවර හමුදාව’ක් යොදවා කැරලි මැඩපවත්වන බවට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ප්‍රතිඥා

‘ස්ථාවර හමුදාව’ක් යොදවා කැරලි මැඩපවත්වන බවට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ප්‍රතිඥා

රටම කළඹන කැරලි මැඩපැවැත්වීම සඳහා විශේෂඥ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ‘ස්ථාවර හමුදාව’ක් පිහිටුවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා කියාසිටී. Southport ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික පිහි ප්‍රහාරයෙන් පසුව ඉකුත් සතියේ රටේ බොහෝ නගරවල අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් හා පොලිස් නිලධාරීන් අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගැනිණ. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සහ රටේ නීතිය ක්‍රියාත්මක කරන ඉහළ නිලධාරීන් සමග පැවැත්වූ හදිසි රැස්වීමකින් පසු අගමැතිවරයා මේ බව  නිවේදනය කර ඇත. විරෝධතාකරුවන් ලන්ඩන්, මැන්චෙස්ටර්, ලිවර්පූල්, බ්‍රිස්ටල්, ලීඩ්ස් හා නොටිංහැම් වැනි ප්‍රධාන නගරවල නිලධාරීන්ට…
Read More
පැරිස් ඔලිම්පික් උළෙලේ තම රටට එරෙහි එදිරිවාදිකම් පිළිබඳ චීනයෙන් අනාවරණයක්

පැරිස් ඔලිම්පික් උළෙලේ තම රටට එරෙහි එදිරිවාදිකම් පිළිබඳ චීනයෙන් අනාවරණයක්

මේ වන විට පැරිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 20 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනිමින් චීනය සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී සිටී. එවැනි අවස්ථාවක චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලැබිය යුතු නමුත්, බටහිර රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් ම මාධ්‍ය ද ඔවුන්ට කෙරෙහි දක්වන එදිරිවාදිකම් ඉස්මතු වී ඇතැයි චීනය පෙන්වාදෙයි. 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ චීන පිහිනුම් කණ්ඩායම තහනම් උත්තේජක භාවිත කළ බවට එල්ල වූ චෝදනා පිළිබඳ පුවත් පැරිස් ඔලිම්පික්…
Read More
ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

ශාන්ත ලුසියා රාජ්‍යයේ ජුලියන් ඇල්ෆ්‍රඩ් ලොව වේගවත්ම කාන්තාව බවට පත්වෙයි.  ඒ, ඊයේ (3) පැවති, 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමත් සමගිනි. ඇය අවසන් තරගය තත්පර 10.72 ක කාලයකින් අවසන් කළාය. කැරිබියන් දූපත් රාජ්‍යයක් වන ශාන්ත ලුසියා රාජ්‍යය දිනාගත් පළමු ඔලිම්පික් රන් පදක්කම ලෙස ද මෙය ඉතිහාසගත වෙයි. කෙසේ වෙතත්, මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ඇමරිකානු ක්‍රීඩිකා Sha’Carri Richardson තරගයේ රිදී පදක්කම දිනාගත්තාය. ඒ, තත්පර…
Read More
ශ්‍රී ලංකා-ඉන්දීය දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (4) | වනිඳුට ආබාධයක්

ශ්‍රී ලංකා-ඉන්දීය දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (4) | වනිඳුට ආබාධයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (04) පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, රෝහිත් ශර්මා විසිනි. දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු සම වී නිමාවට පත්විය. මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයකට ලක් වී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර…
Read More