සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (04) පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ය.
එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, රෝහිත් ශර්මා විසිනි. දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු සම වී නිමාවට පත්විය.
මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයකට ලක් වී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. දෙරට අතර පළමු තරගයේ දී ඔහුගේ වම් පාදයේ ආබාධයක් හටගෙන ඇති අතර, ඒ අනුව , ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවීමට පියවර ගෙන තිබේ.
පසුගිය පළමුවැනිදා පැවති තරගයට පෙර ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව තරගය හයක් ජයගෙන සිටී.
ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය කණ්ඩායමක් අවසන් වරට පරාජයට පත් වූයේ 2021 වසරේ ජූලි මාසයේ දී ය.
මේ අතර, ඉන්දියාවට එරෙහි 20/20 සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා නම්කෙරුණු සංචිතයෙන් ක්‍රීඩකයන් හය දෙනෙකු ආබාධ සහ අසනීප තත්ත්ව හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වී ඇත. ඉන් පස් දෙනෙකු ම වේගපන්දු යවන්නන් වීම ද කැපීපෙනේ.