රටම කළඹන කැරලි මැඩපැවැත්වීම සඳහා විශේෂඥ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ‘ස්ථාවර හමුදාව’ක් පිහිටුවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා කියාසිටී.
Southport ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික පිහි ප්‍රහාරයෙන් පසුව ඉකුත් සතියේ රටේ බොහෝ නගරවල අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් හා පොලිස් නිලධාරීන් අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගැනිණ. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සහ රටේ නීතිය ක්‍රියාත්මක කරන ඉහළ නිලධාරීන් සමග පැවැත්වූ හදිසි රැස්වීමකින් පසු අගමැතිවරයා මේ බව නිවේදනය කර ඇත.
විරෝධතාකරුවන් ලන්ඩන්, මැන්චෙස්ටර්, ලිවර්පූල්, බ්‍රිස්ටල්, ලීඩ්ස් හා නොටිංහැම් වැනි ප්‍රධාන නගරවල නිලධාරීන්ට පහර දීම, ගබඩා කොල්ලකෑම සහ හෝටල්වලට කඩා වැදීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් හි දිගින් දිගටම නිරත වී තිබේ. මෙම සිද්ධීන්ට අදාළව 378 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් බලධාරීහු පවසති.
අපරාධකරුවන්ට කඩිනමින් දඬුවම් පැමිණවීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රතිඥා දී ඇත.