චීන – ශ්‍රී ලංකා මාධ්‍ය සබඳතා තර වේ

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ අධ්‍යක්ෂිකා shi yue මෙනෙවිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. එහිදී ඔවුන් මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතන සමග ඉදිරි සහයෝගිතා පිළිබඳ සාකච්ඡා කරනු ඇත. එසේම චීන- ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රියාකාරකම් සඳහා ද එම නියෝජිත පිරිස එක්වනු ඇත.

චීන මාධ්‍ය සමූහයේ නියෝජිත පිරිස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා හමු වී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇත.

දෙරට අතර උසස් තත්ත්වයේ සංස්කෘතික හා මානව හුවමාරු මෙන්ම මාධ්‍ය සබඳතා තර කිරීම මෙම සංචාරයේ  අරමුණයි.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *