බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ රුසියාවේ දී හමුවෙති

බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ 14 වැනි රැස්වීම පැවැත්වේ. එය ඊයේ (11) පැවැත්වුණේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී යි.

ගෝලීය ආරක්ෂාවට එරෙහි තර්ජන, ත්‍රස්තවිරෝධී ප්‍රතිපත්ති, අන්තර්ජාල සුරක්ෂිතතාව සහ ගෝලීය පාලනය යන කරුණු සම්බන්ධයෙන් එහිදී පුළුල් අදහස් හුවමාරු කරගැනිණ. මෙම වසරේ, රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන බ්‍රික්ස් නායක සමුළුව සඳහා අවශ්‍ය මූලික දේශපාලනමය සූදානම ද මෙම රැස්වීමේ දී  සකස් වී තිබේ.

චීන විදේශ අමාත්‍ය වං යී මහතා එම රැස්වීමට එක්වෙමින් පෙන්වා දුන්නේ ගෙවී ගිය වසර 18 තුළ බ්‍රික්ස් යාන්ත්‍රණය සෑමවිටම විවෘතභාවය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණ යන මූලධර්මවලට අනුගත වී ඇති අතර, ගෝලීය දකුණු සහයෝගිතාව සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බව යි.

ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීම, බ්‍රික්ස් රටවල දේශපාලන හා ආරක්ෂක සහයෝගිතාව සඳහා වන කේන්ද්‍රීය යාන්ත්‍රණය යි.  බ්‍රික්ස් සංවිධානයේ සුවිශේෂී කාර්යභාරය සහ කැපීපෙනෙන ජයග්‍රහණ එම රැස්වීමට එක්ව සිටි විවිධ පාර්ශ්වයන්ගේ ඉහළ පැසසුමට ලක් විය යුක්තිය සහ සාධාරණත්වය සහතික කරමින්, සාමය හා ආරක්ෂාව ප්‍රවර්ධනයට දායක වීම සඳහා බ්‍රික්ස් රටවල්, සමාන අදහස් ඇති හවුල්කරුවන් සමග සමීපව කටයුතු කළ යුතු බව ද ඔවුහු කියාසිටියහ.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *