Month: July 2024

පැරිස් ඔලිම්පික් උළෙල ඇරඹේ

පැරිස් ඔලිම්පික් උළෙල ඇරඹේ

33 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල අද (26) ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වේ. ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා පවසයි. ඔලිම්පික් ප්‍රතිසංස්කරණ පිළිබඳ ක්‍රමවේද ඇතුළත් ‘ඔලිම්පික් න්‍යාය පත්‍රය 2020’ ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවෙන පළමු අවස්ථාව වන්නේ ද මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය වඩාත් තිරසරභාවයෙන් යුතුව, "ඔලිම්පික් ක්‍රීඩාව වඩාත් විවෘතයි" යන තේමා පාඨයට මනාව අනුකූල වන අයුරින් පැවැත්වෙන බව ද Thomas Bach මහතා…
Read More
ජනපති ස්වාධීන අපේක්ෂකයෙක්?

ජනපති ස්වාධීන අපේක්ෂකයෙක්?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කරයි. ඔහු වෙනුවෙන් එම කාර්යය සිදු කර ඇත්තේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා යි. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත.
Read More
ජනාධිපතිවරණ දිනය නිවේදනය කෙරේ

ජනාධිපතිවරණ දිනය නිවේදනය කෙරේ

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඊට අදාළව නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සඳහන් ය. අගෝස්තු මස 15 වැනිදා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගැනෙන  බව ද  එම ගැසට් නිවේදනයේ දැක්වේ. රාජගිරිය, සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී එම කටයුතු සිදුකෙරෙනු ඇත.
Read More
න්‍යෂ්ටික අවි සහිත රටවල් එම අවි “ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ” ගිවිසුමට අදාළව චීනයෙන් යෝජනා.

න්‍යෂ්ටික අවි සහිත රටවල් එම අවි “ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ” ගිවිසුමට අදාළව චීනයෙන් යෝජනා.

න්‍යෂ්ටික අවි ව්‍යාප්තිහරණ ගිවිසුමේ එකොළොස්වැනි සමාලෝචන සමුළුව සඳහා සූදානම් වීමේ දෙවැනි රැස්වීම ඇරඹේ. පසුගිය 22 වැනිදා එය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. චීන විදේශ අමාත්‍යාංශයේ, අවි පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Sun Xiaobo මහතා මෙහිදී පැවති පොදු විවාදයේ දී අදහස් දැක්වීය. ඔහු එහිදී යෝජනා කළේ, න්‍යෂ්ටික අවි සතු රටවල් පහ සාකච්ඡා පවත්වා, "න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකරන බවට" ගිවිසුමකට එළඹීමට හෝ ඊට අදාළව දේශපාලන ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් කෙටුම්පත් කර ඇති ගිවිසුමේ…
Read More
හමුදා මෙහෙයුම් නතර නොකරන බව ඊශ්‍රායල අගමැති කියයි.

හමුදා මෙහෙයුම් නතර නොකරන බව ඊශ්‍රායල අගමැති කියයි.

තම රටේ යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හෙතෙම ඊයේ (24) මේ බව කියාසිටියේය. හමාස් සංවිධානයේ යුද බලය සහ ගාසා තීරයේ ඔවුන් සතුව පවතින පරිපාලන හැකියාව විනාශ කර, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය. ගාසා තීරයේ සරණාගතයන් යළි පදිංචි කරවීමට ඊශ්‍රායලය උත්සාහ නොදරනු ඇත. එහෙත්, සමස්ත ගාසා තීරයේ ආරක්ෂාව පිළිබඳ පාලන බලය තම රට…
Read More
8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට ඉහළ සහභාගිත්වයක්.

8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට ඉහළ සහභාගිත්වයක්.

8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ. සය දින ප්‍රදර්ශනය චීනයේ කුන්මිං නගරයේ දී ඊයේ (23) ආරම්භ විය. රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 82 ක් ඊට එක්ව සිටී. ප්‍රදර්ශනයට එක්ව සිටින විදෙස් ව්‍යවසායන් සංඛ්‍යාව 2000 කට අධිකය. ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව ආවරණය කරයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත් ය. හරිත බලශක්ති සම්පත්, නවීන කෘෂිකර්මාන්තය, වෛද්‍ය සේවා හා සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතිය හා සංචාරය යන කර්මාන්ත හා සම්බන්ධ නවීන…
Read More
යේමනයේ තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්.

යේමනයේ තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යේමනයේ තත්ත්වය පිළිබඳව හදිසි රැස්වීමක් කැඳවයි. එය ඊයේ (22) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් Rosemary DiCarlo මහත්මිය එහිදී අදාළ තත්ත්වය  සම්බන්ධයෙන් කරුණු විග්‍රහ කළාය. යේමනයේ හොඩෙයිඩා නගරයේ සහ ලෙබනන-ඊශ්‍රායල තාවකාලික දේශසීමා කලාපයේ මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් උත්සන්නව ඇති බව DiCarlo මහත්මිය පැවසුවාය. එමෙන්ම ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ක්‍රියාවට නංවා, බලහත්කාරයෙන් රඳවා සිටින සියලුදෙනා නිදහස් කළ යුතු බව ද ඇය යළිත් අවධාරණය කළා ය.…
Read More
Shocking Revelation: Has Abhishek Bachchan Confirmed His Divorce from Aishwarya Rai Bachchan?

Shocking Revelation: Has Abhishek Bachchan Confirmed His Divorce from Aishwarya Rai Bachchan?

Bollywood's beloved couple, Abhishek Bachchan and Aishwarya Rai, known for their captivating chemistry, are now surrounded by divorce rumors. Recent photos of Abhishek without his wedding ring have caused a stir on social media, intensifying speculation about their relationship status. This once inseparable pair, married on April 20, 2007, and parents to daughter Aaradhya since November 16, 2011, now face close public scrutiny as fans question the strength of their marriage. The Missing Ring A…
Read More
චීනයේ නව ප්‍රතිසංස්කරණ තුළින් තවදුරටත්  තහවුරු වන විවෘතභාවයේ ප්‍රතිපත්තිය.

චීනයේ නව ප්‍රතිසංස්කරණ තුළින් තවදුරටත් තහවුරු වන විවෘතභාවයේ ප්‍රතිපත්තිය.

චීනයේ නව ප්‍රතිසංස්කරණ මගින් එරට විවෘතභාවයේ ප්‍රතිපත්ති තවදුරටත් තහවුරු කෙරේ. ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තහවුරු කරමින්, චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ තීරණය පසුගියදා සම්මත කෙරුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ දී ය. එම තීරණයේ මුද්‍රිත පිටපත ඊයේ (21) ප්‍රකාශයට පත්කෙරුණු අතර, විවෘතභාවය සහතික කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් එහි අන්තර්ගත ය. චීනයේ මහාපරිමාණ වෙළඳපොළ වාසිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර සහයෝගිතාවන් හි දී විවෘතභාවය වැඩිදියුණු කරන බව එම තීරණයේ දක්වා…
Read More
ජනපති තරගයෙන් තමා ඉවත් වන බව ජෝ බයිඩන් නිවේදනය කරයි.

ජනපති තරගයෙන් තමා ඉවත් වන බව ජෝ බයිඩන් නිවේදනය කරයි.

තමා ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරයි. ඔහු ඊයේ (21) මේ බව දැනුම් දී තිබේ. ජූනි මස අගභාගයේ පැවති විවාදය දැඩි විවේචනයට ලක්වීමත් සමග ඔහුගේ මැතිවරණ ශක්‍යතාව පිළිබඳව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වැඩි පිරිසක් කනස්සල්ල පළකිරීම හේතුවෙන් ඔහු මෙම තීරණයට එළඹ ඇත. තම ධුරකාලයේ ඉතිරි කොටසේ ජනාධිපතිවරයා ලෙස යුතුකම් ඉටුකිරීම කෙරෙහි පමණක් අවධානය යොමුකරන බවත්,  තමා ඉවත් වීම පක්ෂයේ සහ රටේ යහපතට හේතුවනු ඇතැයි විශ්වාස කරන බවත් බයිඩන් ජනාධිපතිවරයා  X…
Read More