දකුණු කොරියානු – ඇමරිකානු ඒකාබද්ධ යුද අභ්‍යාසයට උතුරු කොරියාවෙන් චෝදනා

දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ ව පවත්වන ‘Ulchi නිදහස් පලිහ’නමැති යුද අභ්‍යාසය උතුරු කොරියාව තරයේ හෙළාදකී.

ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ  ආරම්භ කෙරුණු එම යුද අභ්‍යාසය ලබන 29 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත ය. එමගින් උතුරු කොරියාවට පහර දීමේ ශක්‍යතා ඉහළ නංවන බවත්, දකුණු කොරියාව හා ඇමරිකාව අතර පවතින ඒකාබද්ධ ආරක්ෂක ශක්‍යතා මෙන් ම සෝදිසි තවදුරටත් තහවුරු කරන බවත් දකුණු කොරියාව පවසයි.

එහෙත්, මෙම යුද අභ්‍යාසය උතුරු කොරියාවට එල්ල කරන ආක්‍රමණික අත්හදා බැලීමක් මෙන් ම ‘න්‍යෂ්ටික යුද්ධය’ සඳහා වන පෙර පුහුණුවක් බවට උතුරු කොරියාව චෝදනා නගා ඇත. රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට කැප වන බව ද උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය කියාසිටී.

මේ අතර, දකුණු කොරියාවේ සිවිල් කණ්ඩායම් රැසක් ඊ‍යේ (19) පෙරවරුවේ සෝල් අගනුවර ජනාධිපති කාර්යාලය ආශ්‍රිත ව උද්ඝෝෂණ පවත්වා එම ඒකාබද්ධ යුද අභ්‍යාසය වහාම නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *