පලස්තීන-ඊශ්‍රායල ගැටුමේ දී ඊශ්‍රායලයට පක්ෂපාතීත්වය දක්වන තම රජයේ ස්ථාවරයට එරෙහිව බ්‍රිතාන්‍යයේ දහස් ගණන් ජනතාව යළිත් ලන්ඩන් නුවරට රැස්ව විරෝධතා පවත්වති. ඊශ්‍රායලයට ආයුධ යැවීම නතර කරන ලෙස ඔවුන් තම රජයෙන් ඉල්ලා සිටියහ.
7 වැනිදා පස්වරුවේ ආරම්භ වූ උද්ඝෝෂණවලට 25,000 ක පමණ පිරිසක් සහභාගි වූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මේ අතර, ඇමරිකාව ඊශ්‍රායලයේ දැවැන්තම ආයුධ සපයන්නා බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර ඇත. ඊට සාපේක්ෂව, බ්‍රිතාන්‍යය ඊශ්‍රායලය වෙත කරන ආයුධ අලෙවිය සුළු ප්‍රමාණයක් වන අතර එය ඊශ්‍රායලයේ යුද උපකරණ ආනයනයෙන් 1% ක් පමණ වන බව ද පැවසේ.