යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පුළුල් සහාය

යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ලබාදෙන සහාය පුළුල් කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරයි.

එම ආයතනය 3 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට වඩාත් සක්‍රිය පියවර ගන්නා බවයි.

යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත පසුගියදා එල්ල වූ මිසයිල ප්‍රහාර හේතුවෙන් එරට න්‍යෂ්ටික විදුලි බලාගාරවල ආරක්ෂාවට තර්ජන පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. එසේ හානි සිදු වූ න්‍යෂ්ටික විදුලි පරිවර්තන ස්ථාන නිරීක්ෂණය කර වාර්තාවක් සැපයීම සඳහා විශේෂඥ කණ්ඩායමක් යොමු කිරීමට ද ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය පියවර ගනු ඇත.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *