උතුරු කොරියාව සමග පවතින සබඳතා කිසිදා වෙනස් නොවන බව චීනය කියයි
උතුරු කොරියාව සමග පවතින දිගුකාලීන මිත්‍රශීලී සම්බන්ධතා සවිමත් කිරීම පිළිබඳ තම ස්ථාවරය වෙනස් නොවන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව කියාසිටියේය. කොරියානු යුද්ධය නිමා වීමේ 71 වැනි සංවත්සර උළෙල පසුගියදා උතුරු කොරියාවේ දී පැවැත්විණ. රුසියාව, වියට්නාමය, කියුබාව ඇතුළු රටවල තානාපතිවරුන් සහභාගි වූ එම උළෙලට චීන තානාපතිවරයා එක් නොවීය. චීන-උතුරු කොරියානු සබඳතාව ගැටලුකාරී බවත්, උතුරු කොරියානු සබඳතාවන්ට අදාළව චීනය හා රුසියාව අතර පවතින…