පැරිස් ඔලිම්පික් උළෙල ඇරඹේ

33 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල අද (26) ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වේ.

ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා පවසයි. ඔලිම්පික් ප්‍රතිසංස්කරණ පිළිබඳ ක්‍රමවේද ඇතුළත් ‘ඔලිම්පික් න්‍යාය පත්‍රය 2020’ ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවෙන පළමු අවස්ථාව වන්නේ ද මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය වඩාත් තිරසරභාවයෙන් යුතුව, “ඔලිම්පික් ක්‍රීඩාව වඩාත් විවෘතයි” යන තේමා පාඨයට මනාව අනුකූල වන අයුරින් පැවැත්වෙන බව ද Thomas Bach මහතා කියාසිටී.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සාපේක්ෂව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පරිමාණය කුඩා වුව ද, මෙවර පිරිමි සහ කාන්තා දෙපිරිසම මලල ක්‍රීඩා අංශයෙන් පළමු වරට 50% ක් සපුරා තිබීම විශේෂත්වයකි.

ක්‍රීඩා උළෙල අගෝස්තු 11 වැනිදා අවසන් වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *