රුසියාවේ ආරක්ෂක කලාපයක් පිහිටුවීම සිය ප්‍රහාරවල ප්‍රධාන අරමුණක් බව යුක්‍රේන ජනපති කියයි

රුසියාවේ Kursk ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධාන අරමුණ, එරට ආරක්ෂක කලාපයක් පිහිටුවීම බව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි මහතා පවසයි.

යුක්‍රේන හමුදාවේ වත්මන් ආරක්ෂක මෙහෙයුම්වල ප්‍රමුඛ වුවමනාව රුසියාවේ සටන් හැකියාව හැකිතාක් දුර්වල කිරීම බවත්, උපරිම ප්‍රතිප්‍රහාර එල්ල කිරීම බවත් ඔහු ඊයේ (18) පැවසීය. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ දේශනයක දී යි. Kursk හි කළ මෙහෙයුම එහි කොටසක් බව ද ජනාධිපතිවරයා කියාසිටියේය.

යුක්‍රේන හමුදාව පසුගිය 6 වැනිදා සිට රුසියාවේ Kursk ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළේය. අනතුරුව දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් හටගැනිණ. දේශසීමා ප්‍රදේශවල යුක්‍රේනය සිදුකරන ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට එරෙහිව රුසියාව දැඩි ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ද අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *