ජනාධිපතිවරණ දිනය නිවේදනය කෙරේ

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඊට අදාළව නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සඳහන් ය.

අගෝස්තු මස 15 වැනිදා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගැනෙන  බව ද  එම ගැසට් නිවේදනයේ දැක්වේ. රාජගිරිය, සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී එම කටයුතු සිදුකෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *