එක්සත් ජාතීන්ගේ ‘අනාගත සමුළුව’ඇරඹේ

එක්සත් ජාතීන්ගේ ‘අනාගත සමුළුව’ ඇරඹේ. එය නිව්යෝර්ක් නුවර පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේදී ඊයේ (22) ආරම්භ විය.  ‘අනාගතය සඳහා වූ ගිවිසුම’ එහිදී සම්මත කරගනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සභාපති Philemon Yang මහතා මෙහිදී පැවසුවේ, හදිසි මෙන්ම සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය වන විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටින ලෝකය, ගෝලීය පරිවර්තනය පිළිබඳ සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි.
ගැටුම්, දේශගුණික විපර්යාස, ඩිජිටල් හැකියාවන්හි අසමානතා මෙන්ම මානව හිමිකම් කෙරෙහි එල්ලවන තර්ජන ද ඇතුළුව ලොව සියලු රටවල් පුළුල් අභියෝගවලට මුහුණදෙමින් සිටී. එහෙත්, අභියෝග පැමිණෙන්නේ අවස්ථා සමගින් වන බැවින් දීප්තිමත් අනාගතයක් උදාකර ගැනීමේ අපේක්ෂාව සාක්ෂාත් කළ හැකිවනු ඇති බවට ද Philemon Yang මහතා විශ්වාසය පළකළේය.

එක්සත් ජාතීන්ගේ ‘අනාගතය සඳහා වූ ගිවිසුම’ ක්ෂණික අර්බුදවලට විසඳුම් ලබාදීම පමණක් නොව, තිරසර, සාධාරණ සහ සාමකාමී ගෝලීය පටිපාටියක් සඳහා අඩිතාලම ද සකසනු ඇත. එය තිරසර සංවර්ධන ඉලක්ක, සමීපභාවය මෙන්ම මානව වර්ගයාගේ යහපත සහතික කරනු ඇතැයි ද ඔහු පැවසීය. එසේම, ලොව පුරා වෙසෙන සියලු ප්‍රජාවන් අතර සංවර්ධනය සාධාරණ ලෙස බෙදීයාම තහවුරු කිරීමට මෙම සමුළුව මගින් ඓතිහාසික අවස්ථාවක් සැපයෙන බව ද ජගත් මහා සම්මේලන සභාපතිවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *