නොබෙල් සාම ත්‍යාගලාභියාගේ නායකත්වයෙන් බංග්ලාදේශයේ තාවකාලික රජය ස්ථාපිත කෙරේ

නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus මහතාගේ නායකත්වයෙන් බංග්ලාදේශයේ තාවකාලික රජය ස්ථාපිත කෙරේ. Muhammad Yunus මහතා එම රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කර ඇති බව එරට මාධ්‍ය අද (07) උ‍දෑසන වාර්තා කළේය.

එමෙන්ම තාවකාලික රජයේ සෙසු නායකයන් විවිධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් පසු නම් කෙරෙනු ඇතැයි ද ඇමරිකාවේ AP ප්‍රවෘත්ති සේවය සඳහන් කර ඇත.

පසුගිය 5 වැනිදා බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina ධුරයෙන් ඉල්ලා අස්වූවාය. ඒ අනුව එරට පාබල හමුදා මණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කළේ තාවකාලික රජයක් ස්ථාපිත කරන බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව එරට ජනාධිපතිවරයා ඊයේ (06) ප්‍රකාශයට පත් කළේය.

බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ, මිත්‍ර අසල්වැසි රටක් මෙන්ම පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් පවතින රටක් වන බංග්ලාදේශය කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි යන්න චීනයේ අපේක්ෂාව බවයි.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *