පිලිපීනය ඇමරිකාවේ වාසි උදෙසා සිය ආරක්ෂාව කැප කරමින් අනතුරේ වැටිය යුතු නැතැයි චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා 30 වනදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, ඇමරිකාව පිලිපීනයේ මැදදුර මිසයිල සවි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇමරිකාවේ හා පිලිපීනයේ මෙම ක්‍රියාව කලාපීය සාමය හා ස්ථාවරත්වය දැඩි ලෙස විනාශ කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ කලාපීය රටවල ඉහළ අවධානය යොමුව ඇතැයි ද Li Jian මහතා පැවසීය.
ඇමරිකාවේ සැබෑ අරමුණ පැහැදිලිව අවබෝධ කරගනිමින්, පිලිපීනය තම කලාපීය රටවල පොදු අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්විය යුතුය. පිලිපීනය ඇමරිකාවේ වාසි වෙනුවෙන් තම රට අනතුරේ හෙළා ගත යුතු නැතැයි ද හෙතෙම සඳහන් කළේය. එසේම, මීට පෙර ලබා දුන් විවෘත ප්‍රතිඥාවට අනුව, පිලිපීනය මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළේය.
අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..