ලෙබනන-ඊශ්‍රායල තත්ත්වය උත්සන්න වී යුද්ධයක් හටගැනීම සම්බන්ධයෙන් විවිධ ජාත්‍යන්තර නියෝජිතයන්ගේ දැඩි කණස්සල්ල

ලෙබනනය මීළඟ ගාසා තීරය බවට පත්වීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කරයි.
ඊශ්‍රායල හමුදාව හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර ප්‍රහාර හේතුවෙන් ලෙබනන-ඊශ්‍රායල තත්ත්වය තීව්‍ර වෙමින් පවතී. ගැටුම් උත්සන්න වී පූර්ණ යුද්ධයක් හටගැනීම විවිධ පාර්ශ්වයන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ.

ඊශ්‍රායල-ලෙබනන එදිරිවාදිකම් නිරන්තරයෙන් උග්‍රවීම හේතුවෙන් ලෙබනනය ඊළඟ ගාසා තීරය බවට පත්විය හැකි බව, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අදාළ දේශසීමාවන්හි තත්ත්වය කෙරේ කණස්සල්ල පළ කරමින් ඊයේ (22) කියාසිටියේය.

මේ අතර, මැදපෙරදිග කලාපය දැඩි අර්බුදයක් හමුවේ පවතින බවත්, යුදමය ක්‍රමවලින් කිසිදු පාර්ශ්වයකට සුරක්ෂිත විය නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ ලෙබනන ප්‍රශ්නය පිළිබඳ විශේෂ සම්බන්ධීකාරක Jeanine Hennis-Plasschaert මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

එසේම, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර වහාම සටන් විරාමයක් අරඹන්නැයි යුරෝපා සංගමය ද ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *