ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

ශාන්ත ලුසියා රාජ්‍යයේ ජුලියන් ඇල්ෆ්‍රඩ් ලොව වේගවත්ම කාන්තාව බවට පත්වෙයි.  ඒ, ඊයේ (3) පැවති, 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමත් සමගිනි. ඇය අවසන් තරගය තත්පර 10.72 ක කාලයකින් අවසන් කළාය.

කැරිබියන් දූපත් රාජ්‍යයක් වන ශාන්ත ලුසියා රාජ්‍යය දිනාගත් පළමු ඔලිම්පික් රන් පදක්කම ලෙස ද මෙය ඉතිහාසගත වෙයි.

කෙසේ වෙතත්, මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ඇමරිකානු ක්‍රීඩිකා Sha’Carri Richardson තරගයේ රිදී පදක්කම දිනාගත්තාය. ඒ, තත්පර 10.87 ක කාලයක් සටහන් කරමින් මෙන්ම ජයග්‍රහණය ලද ජුලියන් ඇල්ෆ්‍රඩ්ට තියුණු තරගයක් ලබාදෙමිනි.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම තත්පර 10.92 කින් තරගය නිමා කළ ඇමරිකාවේ මෙලිස්සා ජෙෆර්සන් විසින් දිනාගනු ලැබීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *