ජනපති තරගයෙන් තමා ඉවත් වන බව ජෝ බයිඩන් නිවේදනය කරයි.

තමා ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරයි. ඔහු ඊයේ (21) මේ බව දැනුම් දී තිබේ. ජූනි මස අගභාගයේ පැවති විවාදය දැඩි විවේචනයට ලක්වීමත් සමග ඔහුගේ මැතිවරණ ශක්‍යතාව පිළිබඳව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වැඩි පිරිසක් කනස්සල්ල පළකිරීම හේතුවෙන් ඔහු මෙම තීරණයට එළඹ ඇත.

තම ධුරකාලයේ ඉතිරි කොටසේ ජනාධිපතිවරයා ලෙස යුතුකම් ඉටුකිරීම කෙරෙහි පමණක් අවධානය යොමුකරන බවත්,  තමා ඉවත් වීම පක්ෂයේ සහ රටේ යහපතට හේතුවනු ඇතැයි විශ්වාස කරන බවත් බයිඩන් ජනාධිපතිවරයා  X  ගිණුමක පළ කර ඇති ප්‍රකාශයක සඳහන් වේ.
එසේම, මෙම වසරේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා බවට පත්වීම සඳහා උපජනාධිපතිනි කමලා හැරිස්ට පූර්ණ සහයෝගය සහ අනුමැතිය ලබාදීමට තමාට අවශ්‍ය බව ද ඔහු තවත් සටහනකින් පවසා ඇත.

ජෝ බයිඩන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, හිටපු ජනාධිපති බරක් ඔබාමා, හිටපු කථානායක නැන්සි පෙලෝසි සහ සෙනෙට් මණ්ඩලයේ බහුතර නායක චක් ෂූමර් වැනි ප්‍රමුඛපෙළේ පුද්ගලයන් ද ඇතුළුව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වැඩි පිරිසක් ඔහුට ඉල්ලා අස්වන ලෙස පවසා ඇති බවට වාර්තා පළ වීමෙන් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *