හමාස් නායකයාගේ ඝාතනය හේතුවෙන් ඉරානයේ ජාතික ශෝක කාලයක්

ඉරානය ඊ‍යේ (31) සිට දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ,  පලස්තීන හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියා ටෙහෙරාන් නුවර දී ඝාතනයට ලක්වීම නිමිති කරගනිමිනි.

ඉරානයේ ඇරයුම් ලද විදේශීය අමුත්තන් එම රටේ දී ඝාතනය කිරීම, “සියලු ජාත්‍යන්තර නීති සහ මනුෂ්‍යත්වයේ මූලධර්ම උල්ලංඝනය කිරීමක්” බව, ඉරාන රජය පැවසීය. එසේම,  පලස්තීන ජනතාවට සහ හමාස් නායක Ismail නායකයාගේ ඥාතීන් වෙත ද රජයේ සංවේගය පළ කර තිබේ.

ඉරාන ජනතාව ඊයේ (31) ටෙහෙරාන් සහ මෂ්ෂද් ඇතුළු නගරවල ඊශ්‍රායල සහ ඇමෙරිකානු විරෝධී පාඨ කියමින් විරෝධතා රැලි ද පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *