මිලින වූ එංගලන්තයේ රෝස කුසුම

මිලින වූ එංගලන්තයේ රෝස කුසුම !

මීට වසර 25කට පෙර 1997 වසරේ අද වැනි දිනක(අගෝස්තු31) එංගලන්තයේ රජ කුමරිය, ඩයනා ස්පෙන්සර්, පැරීසියේ පොන්ට් ඩී ඇල්මා අධිවේග උමග තුළදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

තම පෙම්වතා වූ ඩොඩී අල්ෆයිඩ් සමග මෝටර් රථයක ගමන් කරමින් සිටියදී පැපරාසි ජායාරූප කරුවන් ඇයව හඹා එන බව දැන සිටි ඇගේ පෞද්ගලික ආරක්ෂක මෙන්ම රියැදුරු වූ හෙන්රි පෝල්, රථය අධික වේගයෙන් ධාවනය කරමින් සිට්යදී උමග තුළදී ලිස්සා ගොස් 13 වැනි කුළුනේ ගැටී පොඩි පට්ටම් වී එහි ගමන් කරමින් සිටි තිදෙනාම මරමුවට පත්විය.

ඇගේ අවසන් කටයුතු සැප්තැම්බර් 6වනදා සිදුකළ අතර එම අවමංගල්ය උත්සවය රූපවාහිනිය හරහා සජීවීව ලොව පුරා සෑම රටකම වාගේ විකාශය කෙරිණි. ඇය වෙනුවෙන් පිදුණු මල් වලින් පැරීසියේ මාර්ග වැසීගය අතර ඇගේ දෙණ තැම්පත් කෙරුණු එංගලන්තයේ නදම්ප්ටන්ශෙයාර්හි සොහොන වට කරමින් කඳුලු ගංගා ගලා ගියේය. 1961 ජූලි 1 මෙළොව එළිය දුටු ඩයනා මිය යනවිට වයස අවුරුදු 36කි.

#dianaspencer #dianaprince #dianadeath

Leave a Reply

Your email address will not be published. Required fields are marked *