ඔලිම්පික් උළෙලේ 8K අධිපැහැදිලි දසුන් ගෝලීය ජනතාවට තිළිණ කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානම්

චීන මාධ්‍ය සමූහය සතු 8K අධිපැහැදිලි බාහිර විකාශ ට්‍රක් රථය පැරිස් නුවර දී තම සේවා අරඹයි.

චීන මාධ්‍ය සමූහය සතු එම 8K අධිපැහැදිලි බාහිර විකාශ ට්‍රක් රථය ඊයේ (25) ප්‍රංශයේ පැරිස් නගරයේ Stade de France ක්‍රීඩංගණයේ දී ඔලිම්පික් උළෙල පිළිබඳ නිල විකාශ කටයුතු ආරම්භ කළේය.

මෙය වර්තමානයේ ලොව පවතින, අතිනවීන තාක්ෂණික අංග සහිත, සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ හැකි විකාශ ට්‍රක් රථ පද්ධතියකි. පැරිස් ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලය අතරතුර, එම ට්‍රක් රථය පැය 40 කට අධික කාලයක් 8K අධිපැහැදිලි සංඥා ලබාදෙමින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ට නැවුම් ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් තිළිණ කරනු ඇත. ඒ අනුව, උළෙලේ මලල ක්‍රීඩා ඉසව් මෙන්ම සමාප්ති උත්සවයේ අධිපැහැදිලි 8K දර්ශන එමගින් විසුරුවා හැරෙනු ඇත.‍

චීන මාධ්‍ය සමූහයේ මෙම විකාශ රථය ගිම්හාන ඔලිම්පික් උළෙලක 8K දසුන් සහිත වැඩසටහන් ගෝලීය ජනතාව වෙනුවෙන් විසුරුවා හරින පළමු අවස්ථාව මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *