චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක්

චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. ඒ අද (29)  ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී ය.

අදාළ අවබෝධතා ගිවිසුම් හුවමාරු කිරීමේ අවස්ථාවට චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා Zoritsa Urosevic මහත්මිය එක්ව සිටියහ. නව ගිවිසුම අනුව චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය ඉදිරියේ දී සම්පත් මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ බෙදාගනිමින්, ප්‍රවෘත්ති හා උසස් මට්ටමේ වැඩසටහන් නිෂ්පාදනය කරනු ඇත. එසේම, සංචාරක තොරතුරු පිළිබඳ ඒකාබද්ධ වැඩසටහන් විසුරුවා හරිමින් ගෝලීය සංචාරක කර්මාන්තයේ සමෘද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් ද සක්‍රිය කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරිණ.

එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය මැඩ්රිඩ් නුවර ස්ථාපනය කෙරුණේ 1975 වසරේ ජනවාරි මාසයේ දී ය. එය ගෝලීය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක විශේෂ ආයතනයකි.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *