චීන සහ වියට්නාම ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති To Lam මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එය අද (19) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.  වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති To Lam මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටී.

චීනය සෑමවිටම වියට්නාමය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛතාව හිමි රටක් ලෙස‍‍ සලකන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. එසේම, කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට අනුගත වෙමින් රටේ අවශ්‍යතාවට ගැලපෙන සමාජවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වියට්නාමයට චීනයේ සහයෝගය හිමි වේ.  ලෝක සමාජවාදී ව්‍යායාමයේ සංවර්ධනය සහතික කරමින්, පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ෂී ජින් පිං මහතා සහ රජයේ නායකයන් සමග එක්ව දෙරට අතර උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සූදානමින් සිටින බව To Lam මහතා එහිදී පැවසීය. චීන සංවර්ධනයේ සෑම පියවරක් පිළිබඳවම වියට්නාමය සියුම් අවධානය යොමු කර ඇත. එසේම, තම රට එකම චීනය ප්‍රතිපත්තිය තරයේ අනුගමනය කරන බවත්, තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *