චීන ජනපති සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක  අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමු වේ. එම හමුව ඊයේ(29) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
ගැටුම් සහිත මෙන්ම වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ විවිධ රටවලට අවශ්‍ය වන්නේ සමගිය හා සහයෝගතාව මිස, බෙදීම හෝ එදිරිවාදිකම් නොවන බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ජනතාව අපේක්ෂා කරන්නේ විවෘතභාවය සහ සංවර්ධනය මිස, සංවෘතභාවය හෝ පසුබැසීම නොවන බව ද හෙතෙම අවධාරණය ක‍ළේය.

දෙරට එකිනෙකාගේ සංවර්ධනය සැලකිය යුත්තේ  තමන් සතු අවස්ථාවක් ලෙස මිස, අභියෝගයක් ලෙස නොවේ. දැවැන්ත රටවල සබඳතා පිළිබඳ නිවැරදි මාර්ගයක් ගවේෂණය කිරීමට ඇමරිකාව චීනය සමග එක්ව ප්‍රයත්න දරනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.

ඇමරිකා-චීන නායකයන් සැන් ෆ්‍රැන්සිස්කෝහි හමුවීමෙන් අනතුරුව එළඹුණු පොදු එකඟතා සක්‍රිය ප්‍රගතීන් දිනා ඇතැයි ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා එහිදී පැවසීය. නව සීතල යුද්ධයක් දියත් කිරීම, චීනයේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීම හෝ සන්ධාන සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් චීන විරෝධී ප්‍රයත්න හඹා නොයන බව යළි අවධාරණය කරන බව ද ඔහු පැවසීය.

එසේම, එකම චීනය මූලධර්මය පිළිබඳ ඇමරිකාවේ ප්‍රතිපත්තිය වෙනස් නොවන අතර, තායිවාන ප්‍රශ්නය මගින් චීනය මර්දනය කිරීමට ඇමරිකාව උත්සාහ නොකරන බව ද Jake Sullivan මහතා එහිදී සඳහන් කළේය.

නුදුරු දිනක දී ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග යළි අදහස් හුවමාරු කර ගැනීම ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇතැයි ද ඔහු කියාසිටියේය.

අරෝෂා සමරදිවාරක
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *