චීන-ඇමරිකානු මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගිතා ක්‍රියාකාරීන්ගේ පළමු හමුව ඇමරිකාවේ දී

චීන-ඇමරිකානු මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගිතා ක්‍රියාකාරී කණ්ඩායම, පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුව පවත්වයි. එය ඉකුත් 31 වැනිදා ඇමරිකාවේ දී පැවැත්විණ.

මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ පරීක්ෂණ සහයෝගිතා, තාක්ෂණික හුවමාරු, බහුපාර්ශ්වික සහයෝගිතා සහ අන්තර්ජාලයේ ඇති නීතිවිරෝධී වෙළඳ ප්‍රචාරණ ඉවත් කිරීම යනාදී අංශවල නවතම ප්‍රගතිය කෙරෙහි එහිදී අවධානය යොමුව තිබේ. ඉදිරි වැඩසටහන්වල දිශානතිය ද පැහැදිලි කර ඇත.

මත්ද්‍රව්‍යවලට එරෙහි සංවාදය තවදුරටත් ශක්තිමත් කරමින්, ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව විසඳීම සඳහා එක්ව කටයුතු කිරීමට ද දෙපාර්ශ්වය එහිදී එකඟතාව පළ කර තිබේ.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *