චීන-ඇමරිකානු සබඳතාව ජය, පරාජය සහිත ක්‍රීඩාවක් නොවිය යුතු බව ඇමරිකාවේ චීන තානාපතිවරයා කියාසිටී

චීන-ඇමරිකානු සබඳතාව, එකිනෙකාට එරෙහි ජය, පරාජය සහිත  ක්‍රීඩාවක් නොවිය යුතු බව ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා පවසයි. ඊයේ (27) පැවති 6 වැනි Forbes ඇමරිකානු-චීන වාණිජ සාකච්ඡා මණ්ඩපයේ දී දේශනයක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තමා සතු වගකීම් වෙනත් පාර්ශ්වයන්ට පවරා ගැටලු විසඳා ගත නොහැකි බවත් වෙළඳ, කර්මාන්ත සහ තාක්ෂණික අංශවල සටන්වලින් ජයග්‍රාහකයෙකු මතු නොවනු ඇති බවත් චීන තානාපතිවරයා පෙන්වා දුන්නේය.
ෂී ජින් පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම හා සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ ලබාගැනීම යන මූලධර්මය අනුගමනය කරන චීනය, ඇමරිකාව සමග සංවාද හා අදහස් හුවමාරු සහතික කර, මතභේද නිසි ආකාරයෙන් පාලනය කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා පුළුල් කිරීමට කටයුතු කරයි. එසේම චීන-ඇමරිකා සබඳතාව ස්ථාවර හා යහපත් දිශාවක් කරා රැගෙන යාමට අපේක්ෂා කරන බව ද Xie Feng මහතා කියාසිටියේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *