2024 ‘එක් තීරයක් එක් මාවතක්’ මාධ්‍ය සහයෝගිතා සංසදය චීනයේ  දී

2024  ‘එක් තීරයක් එක් මාවතක්’මාධ්‍ය සහයෝගිතා සංසදය සාර්ථකව පැවැත්වේ. එය චීනයේ චෙන්දු නගරයේ දී ඊයේ (28) පැවැත්විණ.  ‘මාධ්‍ය සහයෝගිතා පුළුල් කොට පොදු සංවර්ධනය සහතික කිරීම’  මෙවර එහි තේමාව යි.

සංවර්ධන ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමේ කවුළුවක් වන ජනමාධ්‍ය, රටවල් අතර ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවකි. එසේම, ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළේ ප්‍රශස්ත භාවිතය සහ ලෝකයට එයින් ලැබෙන ධනාත්මක දායකත්වය මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස වාර්තා කළ යුතු බව සංසදයට සහභාගි වූ පිරිස පෙන්වා දී තිබේ.

රටවල් 76 ක මාධ්‍ය ආයතන 191 ක ප්‍රධානීහු, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ සහ වාර්තාකරුවෝ 200 කට වැඩි පිරිසක් මෙම සංසදයට එක්ව සිටියහ.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *