වෙළඳ ගැටලු දේශපාලනීකරණය නොකරන්නැයි චීනය කැනඩාවෙන් ඉල්ලයි

ආර්ථික හා වෙළඳ ගැටලු දේශපාලනීකරණය නොකරන ලෙස චීනය කැනඩාවෙන් ඉල්ලීමක් කරයි.
චීනයෙන් ආනයනය කෙරෙන විදුලි වාහනවලට තීරුබදු වැඩියෙන් අය කිරීම ඇතුළු සීමා පැනවීමේ පියවර අනුගමනය කරන බව කැනඩා රජය ඊයේ (26) නිවේදනය කර ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා අද (27) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

මෙය, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිපත්ති නොසලකා කැනඩාව ගත් ආරක්ෂණවාදී පියවරක් බව ඔහු පැවසීය. චීන-කැනඩා ආර්ථික වෙළඳ සම්බන්ධතාවට මෙන්ම එරට ව්‍යාපාර හා පරිභෝගික අයිතීන්ට ද එමගින් හානි සිදු වේ.  කැනඩාවේ හරිතකරණ ප්‍රයත්න හා ගෝලීය දේශගුණික විපර්යාසයට මුහුණ දීමේ හැකියාවට ද ඉන් ඍජු බලපෑම් එල්ල වනු ඇත.

කැනඩාවේ මෙම ක්‍රියාවට දැඩි විරෝධය පළ කරන චීනය සිය ව්‍යාපාරවල නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම  පියවරක් ගැනීමට සූදානම් බව ද ලින් ජියන් මහතා අවධාරණය කළේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *