චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගි වන සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පවත්වති. බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ඊයේ (4) රාත්‍රියේ එය පවත්වනු ලැබීය.

චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන් මෙවර සමුළුව සඳහා පිළිගැනීමට ලැබීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් සතුටට පත්වන බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන රජය සහ ජනතාව වෙනුවෙන් සියලුදෙනා උණුසුම් අයුරින් පිළිගන්නා බව ද ඔහු කියාසිටියේය.

චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය ආරම්භ වූයේ මීට වසර 24 කට පෙර යි. අතීතයේ මෙන්ම වර්තමානයේත් චීනය සහ අප්‍රිකාව පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ පුරෝගාමී රාජ්‍යයන් වේ. එසේම, අනාගතයේ දී ද චීනය සහ අප්‍රිකාව නවීකරණ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටිනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *