ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශකවරයා චීනයට පැමිණෙයි

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා චීනයට පැමිණෙයි. හෙතෙම අද (27) පස්වරුවේ බෙයිජිං අගනුවරට ළඟාවිය.

චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ඇරයුමක් අනුව, හෙතෙම අද (27) සිට 29 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වනු ඇත. එසේම, චීන -ඇමරිකානු උපායමාර්ගික අදහස් හුවමාරු කිරීමේ නව වටයට ද Jake Sullivan මහතා  සහභාගි වීමට නියමිත ය.

ඇමරිකානු ජනාධිපතිවරයා‍ගේ ආරක්ෂක උපදේශකවරයකු චීනයට පැමිණියේ වසර 8 කට පසුව යි. මෙම සංචාරය, Jake Sullivan මහතා මෙම ධුරයට පත්වීමෙන් පසු නිරත වන ප්‍රථම චීන සංචාරය ද වේ. එමෙන්ම එය දෙරට නායකයන් සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති හමුවේ දී එළඹුණු ද්විපාර්ශ්වික එකඟතා ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරකි

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *