ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී 100 කට අධික රටවල් චීනයේ සහායට

ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් චීනයේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි එල්ලවන අපවාදවලට එරෙහිව රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් චීනයේ සහායට ඉදිරිපත් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේ දී එම රටවල් චීනයේ ස්ථාවරයට අනුග්‍රහය පළකළේය.

චීනය ඇතුළු රටවල් 80 ක් වෙනුවෙන් කියුබානු නියෝජිතයා ඊයේ (24) එම අවස්ථාවේ දී ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් පැවසුවේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය, හොං කොං විශේෂ පරිපාලන කලාපය හා ටිබෙට් ස්වායත්තයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කරුණු බවයි. මානව හිමිකම් මුවාවෙන් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තරයේ විරුද්ධ වන බව ද හෙතෙම කියා සිටියේය.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීනයේ ස්ථාවර නියෝජිත Chen Xu මහතා පැවසුවේ මානව හිමිකම් කවුන්සිලය, පීඩන එල්ල කිරී‍මේ ස්ථානයක් බවට පත් නොවිය යුතු අතර සංවාද හා හුවමාරු පැවැත්වීමෙන් විශ්වාස හා සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට හැකි තරම් දායකත්වය සැපයිය යුතු බවයි.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *