‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සාර්ථකත්වය ගැන චීනයෙන් විග්‍රහයක්

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ නව ජයග්‍රහණ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය විස්තර කරයි. එම අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියැන් මහතා 18 වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මෙම විග්‍රහය ඉදිරිපත් කළේය.

චීනය මේ වනවිට රටවල් 150 කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන 30 කට වැඩි ගණනක් සමග ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ඒකාබද්ධ ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත.  2023 වසරේ චීනය සහ අදාළ රටවල් අතර භාණ්ඩ වෙළඳාමේ සමස්ත නිමැවුම චීන යුවාන් ට්‍රිලියන 19.5 ක් වූ අතර, එය 2022 වසර‍ට සාපේක්ෂව 2.8% ක වර්ධනයකි. එම වසරේ චීනයේ සමස්ත ආනයන අපනයන නිමැවුමෙන් 46.6% කට ආසන්න වන එම අගය මෙම වැඩපිළිවෙළ ආරම්භයේ සිට වාර්තා වූ  උසස් ම මට්ටම බව ද ඔහු පැවසීය.

යටිතල පහසුකම් සම්බන්ධතා තහවුරු කිරීම, ප්‍රතිපත්ති සන්නිවේදනය හා අදහස් හුවමාරු තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ  වැඩසටහන් වඩාත් උසස් මට්ටමකට රැගෙන යාම චීනයේ අපේක්ෂාවයි.

එමගින් විවිධ රටවල නවීකරණය සාක්ෂාත් කිරීමටත්, අන්තර් සම්බන්ධතා සහ පොදු සංවර්ධනය සහතික කෙරෙන ලෝකයක් ගොඩනැගීමටත් චීනය බලාපොරොත්තු වන බව ලින් ජියැන් මහතා එහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *