Sinhala News

තම සාගර කලාපයේ නොසන්සුන්තා ඇතිකිරීම වහා නවතන්නැයි චීනය පිලිපීනයෙන් ඉල්ලයි

තම සාගර කලාපයේ නොසන්සුන්තා ඇතිකිරීම වහා නවතන්නැයි චීනය පිලිපීනයෙන් ඉල්ලයි

චීනයේ Nansha දූපත්වල කොටසක් වන ෂියන්බින් ගල්පරය ආශ්‍රිත සාගර කලාපය තම රට සතු බව චීනය යළි අවධාරණය කරයි. එහෙයින් තම සාගර කලාපයේ ප්‍රකෝප කිරීම් වහා නවතන ලෙස ද චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. පිලිපීනයේ යාත්‍රා දෙකක් අදාළ මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධීව ප්‍රවේශ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි. ෂියන්බින් ගල්පරය ආශ්‍රිතව දිගු කලක් තිස්සේ රැඳී සිටින පිලිපීන වෙරළාරක්ෂක නෞකාවන්ට විවිධ සැපයුම් ලබාදීම සඳහා පිලිපීනය…
Read More
චීනයේ හිටපු නායක ඩෙං ෂියාඕ පිං ගුණ සැමරුම චීන ජනපති ප්‍රධානත්වයෙන්

චීනයේ හිටපු නායක ඩෙං ෂියාඕ පිං ගුණ සැමරුම චීන ජනපති ප්‍රධානත්වයෙන්

චීනයේ හිටපු නායක ඩෙං ෂියාඕ පිං මහතාගේ 120 වැනි ජන්ම සංවත්සරය සැමරේ. ඒ නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සංවිධාන කළ වැඩමුළුවක් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී පැවැත්විණ. ඩෙං ෂියාඕ පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම සමස්ත චීන ජනතාවගේ ඉහළම ගෞරවය හිමි ශ්‍රේෂ්ඨ නායකයෙකු බව ෂී ජින්පිං මහතා එහිදී කියාසිටියේය. පක්ෂයේ දෙවැනි පරම්පරාවේ කේන්ද්‍රීය නායකයා වූ ඩෙං ෂියාඕ පිං මහතා චීන සමාජවාදී ප්‍රතිසංස්කරණය, විවෘත…
Read More
බටහිර රටවල අවිවලින් රුසියාවට පහර දුන් බව යුක්රේනය ප්‍රථම වරට පිළිගනී

බටහිර රටවල අවිවලින් රුසියාවට පහර දුන් බව යුක්රේනය ප්‍රථම වරට පිළිගනී

ඇමරිකාවේ නිෂ්පාදිත HIMARS රොකට් කාලතුවක්කු පද්ධතියක්  භාවිතයෙන් රුසියාවේ Kursk ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළේ යැයි යුක්රේන බලධාරීන් ඉකුත් 21 වැනි දා පැවසූ බව බ්‍රිතාන්‍යයේ Reuters ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. ඇමරිකානු අවි භාවිත කරමින් රුසියාවට පහර දුන් බව යුක්රේනය පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි. එහෙත්, මේ සම්බන්ධයෙන් ඇමරිකාව මෙතෙක් කිසිදු අදහසක් පළ කර නොමැත. ඇමරිකාවේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය 20 වැනිදා පවසා තිබුණේ මෙම ගැටුමට අදාළ තම ප්‍රතිපත්ති වෙනස් වී නොමැති බවයි. රුසියා-යුක්රේන ගැටුම හටගත් දා සිට ඇමරිකාව…
Read More
චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා හමුවූ අවස්ථාවේ යි. චීන - රුසියානු සබඳතාවල අඛණ්ඩ වර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරන අතර කලාපීය හා ලෝක සාමය සාක්ෂාත් කිරීමට ද එය ඉවහල් වනු ඇති බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. රාජ්‍ය නායක දෙප‍ළගේ…
Read More
ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා උපහාර දක්වයි

ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා උපහාර දක්වයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට තම ගෞරවය පුදකරයි. ඔහු පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ‘සිතාගත නොහැකි තරමේ දුක්පීඩා රැල්ලක්’  නිර්මාණය කර ඇති බවයි. ජගත් සංවිධාන ප්‍රධානියා මේ බව කියාසිටියේ, අගෝස්තු 21 වැනිදා සැමරෙන ත්‍රස්තවාදයේ වින්දිතයින් සැමරීමේ සහ උපහාර දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පැවති උත්සවයකට වීඩියෝ ආකාරයෙන් පණිවුඩයක් නිකුත් කරමිනි. "අපි ත්‍රස්තවාදයෙන් දිවි අහිමිවූවන් සහ දිවි ගලවා ගත් අය සිහිපත් කර ගෞරව කරමු" යනුවෙන් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදී ක්‍රියාවලින් විනාශ කරදැමුණු පවුල්වල ජනතාව…
Read More
මානව හුවමාරු සහයෝගිතාවයේ උසස් සංවර්ධනය උදෙසා චීනය සහ රුසියාවෙන් ප්‍රතිඥා

මානව හුවමාරු සහයෝගිතාවයේ උසස් සංවර්ධනය උදෙසා චීනය සහ රුසියාවෙන් ප්‍රතිඥා

මානව හුවමාරු සහයෝගිතාවයේ උසස් සංවර්ධනය සහතික කරන බවට චීනය සහ රුසියාව ප්‍රතිඥා දෙයි. මේ බව ප්‍රකාශ කෙරුණේ, මොස්කව් නුවර ඊයේ (19) පැවති මානව හුවමාරු සහයෝගිතා පිළිබඳ චීන-රුසියානු කමිටුවේ 25 වැනි සැසිවාරයේ දීය. චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා ශෙන් යිචින් සහ රුසියානු නියෝජ්‍ය අගමැතිනි තත්යානා ගොලිකෝවා යන මහත්මීහු එහි සමසභාපතිත්වය දැරූහ. මානව හුවමාරු සහයෝගිතා පිළිබඳ චීන-රුසියානු කමිටුවේ චීන සභාපතිවරිය ද වන ශෙන් යිචින් මහත්මිය එහිදී පැවසුවේ, මානව හුවමාරු දෙරට සබඳතාවන්හි වැදගත් අංගයක් වන බවයි. එසේම දෙරට නායකයන්ගේ…
Read More
දකුණු කොරියානු – ඇමරිකානු ඒකාබද්ධ යුද අභ්‍යාසයට උතුරු කොරියාවෙන් චෝදනා

දකුණු කොරියානු – ඇමරිකානු ඒකාබද්ධ යුද අභ්‍යාසයට උතුරු කොරියාවෙන් චෝදනා

දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ ව පවත්වන ‘Ulchi නිදහස් පලිහ’නමැති යුද අභ්‍යාසය උතුරු කොරියාව තරයේ හෙළාදකී. ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ  ආරම්භ කෙරුණු එම යුද අභ්‍යාසය ලබන 29 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත ය. එමගින් උතුරු කොරියාවට පහර දීමේ ශක්‍යතා ඉහළ නංවන බවත්, දකුණු කොරියාව හා ඇමරිකාව අතර පවතින ඒකාබද්ධ ආරක්ෂක ශක්‍යතා මෙන් ම සෝදිසි තවදුරටත් තහවුරු කරන බවත් දකුණු කොරියාව පවසයි. එහෙත්, මෙම යුද අභ්‍යාසය උතුරු කොරියාවට එල්ල කරන ආක්‍රමණික අත්හදා බැලීමක් මෙන් ම ‘න්‍යෂ්ටික…
Read More
රුසියාවේ ආරක්ෂක කලාපයක් පිහිටුවීම සිය ප්‍රහාරවල ප්‍රධාන අරමුණක් බව යුක්‍රේන ජනපති කියයි

රුසියාවේ ආරක්ෂක කලාපයක් පිහිටුවීම සිය ප්‍රහාරවල ප්‍රධාන අරමුණක් බව යුක්‍රේන ජනපති කියයි

රුසියාවේ Kursk ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධාන අරමුණ, එරට ආරක්ෂක කලාපයක් පිහිටුවීම බව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි මහතා පවසයි. යුක්‍රේන හමුදාවේ වත්මන් ආරක්ෂක මෙහෙයුම්වල ප්‍රමුඛ වුවමනාව රුසියාවේ සටන් හැකියාව හැකිතාක් දුර්වල කිරීම බවත්, උපරිම ප්‍රතිප්‍රහාර එල්ල කිරීම බවත් ඔහු ඊයේ (18) පැවසීය. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ දේශනයක දී යි. Kursk හි කළ මෙහෙයුම එහි කොටසක් බව ද ජනාධිපතිවරයා කියාසිටියේය. යුක්‍රේන හමුදාව පසුගිය 6 වැනිදා සිට රුසියාවේ Kursk ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළේය. අනතුරුව දෙපාර්ශ්වය අතර…
Read More
චීන මුහුදු සීමාවන්‍ට අනවසරයෙන් ඇතුළු වූ පිලිපීන නෞකා දෙකක් පළවා හැරේ

චීන මුහුදු සීමාවන්‍ට අනවසරයෙන් ඇතුළු වූ පිලිපීන නෞකා දෙකක් පළවා හැරේ

චීන රජයේ අවසරයකින් තොරව එරට Nansha දූපත් සමූහයේ Xianbin ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ පිලිපීන නෞකා 2 ක් පලවා හැරේ. චීන වෙරළාරක්ෂක බලකාය අද (19) නීත්‍යනුකූලව එම පියවර ගත් බව එහි ප්‍රකාශක Gan Yu මහතා කියාසිටී. මෙම පිලිපීන නෞකා චීනයේ අනතුරු ඇඟවීම් නොතකා, එම මුහුදු ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන චීන නෞකා සමඟ ගැටී තිබේ. එහි වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය භාර ගත යුතු බව Gan Yu මහතා පැවසීය. චීන වෙරළාරක්ෂක බලකාය තම මුහුදු ප්‍රදේශයේ…
Read More
චීන සහ වියට්නාම ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන සහ වියට්නාම ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති To Lam මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එය අද (19) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.  වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති To Lam මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටී. චීනය සෑමවිටම වියට්නාමය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛතාව හිමි රටක් ලෙස‍‍ සලකන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. එසේම, කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට අනුගත වෙමින් රටේ අවශ්‍යතාවට ගැලපෙන සමාජවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වියට්නාමයට චීනයේ සහයෝගය හිමි…
Read More