Sinhala News

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය නිරීක්ෂණයට සැරසෙයි

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය නිරීක්ෂණයට සැරසෙයි

යුක්රේනයේ  Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය වෙත ලබන සතියේ පැමිණෙන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා පවසයි. හෙතෙම 29 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. එහි න්‍යෂ්ටික ආරක්ෂණ තත්ත්වය අවිනිශ්චිත බැවින්, තම සංචාරය අතරතුර බලාගාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටත්, එහි තත්ත්වය තක්සේරු කිරීමටත් අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටී. මෑතක දී බලාගාරයේ සිසිලන කුලුණේ ඇති වූ ගින්න සහ අගෝස්තු මස මුල දී බලාගාරය ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඇතුළු අන්තරායකර සිදුවීම්…
Read More
චීන ජනපති සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක  අතර හමුවක්

චීන ජනපති සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක  අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමු වේ. එම හමුව ඊයේ(29) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. ගැටුම් සහිත මෙන්ම වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ විවිධ රටවලට අවශ්‍ය වන්නේ සමගිය හා සහයෝගතාව මිස, බෙදීම හෝ එදිරිවාදිකම් නොවන බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ජනතාව අපේක්ෂා කරන්නේ විවෘතභාවය සහ සංවර්ධනය මිස, සංවෘතභාවය හෝ පසුබැසීම නොවන බව ද හෙතෙම අවධාරණය ක‍ළේය. දෙරට එකිනෙකාගේ සංවර්ධනය සැලකිය යුත්තේ  තමන් සතු…
Read More
2024 ‘එක් තීරයක් එක් මාවතක්’ මාධ්‍ය සහයෝගිතා සංසදය චීනයේ  දී

2024 ‘එක් තීරයක් එක් මාවතක්’ මාධ්‍ය සහයෝගිතා සංසදය චීනයේ  දී

2024  ‘එක් තීරයක් එක් මාවතක්’මාධ්‍ය සහයෝගිතා සංසදය සාර්ථකව පැවැත්වේ. එය චීනයේ චෙන්දු නගරයේ දී ඊයේ (28) පැවැත්විණ.  ‘මාධ්‍ය සහයෝගිතා පුළුල් කොට පොදු සංවර්ධනය සහතික කිරීම’  මෙවර එහි තේමාව යි. සංවර්ධන ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමේ කවුළුවක් වන ජනමාධ්‍ය, රටවල් අතර ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවකි. එසේම, ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළේ ප්‍රශස්ත භාවිතය සහ ලෝකයට එයින් ලැබෙන ධනාත්මක දායකත්වය මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස වාර්තා කළ යුතු බව සංසදයට සහභාගි වූ පිරිස පෙන්වා දී තිබේ. රටවල් 76 ක මාධ්‍ය ආයතන…
Read More
“චීනයේ බලශක්ති පරිවර්තනය” ධවල පත්‍රිකාව නිකුත් කෙරේ

“චීනයේ බලශක්ති පරිවර්තනය” ධවල පත්‍රිකාව නිකුත් කෙරේ

“චීනයේ බලශක්ති පරිවර්තනය”නම් ධවල පත්‍රිකාව නිකුත් කෙරේ. චීන රාජ්‍ය මණ්ඩලය විසින් අද (29) එය නිකුත් කරනු ලැබීය. එම ධවල පත්‍රිකාව ප්‍රධාන වශයෙන් කරුණු 6 ක් කෙරෙහි අවධානය යොමුකරයි. එනම්, නව යුගයේ චීනයේ බලශක්ති පරිවර්තන මාවත සැකසීම, හරිත බලශක්ති පරිභෝජනය සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපනය, නව බලශක්ති සැපයුම් පද්ධතියක් ගොඩනැගීම වේගවත් කිරීම, බලශක්තියේ නව ගුණාත්මක ඵලදායීතාව පුළුල් ලෙස වර්ධනය කිරීම, බලශක්ති කළමනාකරණයේ නවීකරණය ඉදිරියට ගෙන යාම  සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට සහාය වීම යන කරුණු…
Read More
ජනපතිගේ “පස් වසරක මෙහෙයුම – පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ

ජනපතිගේ “පස් වසරක මෙහෙයුම – පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “පස් වසරක මෙහෙයුම - පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද (29) එය එළිදැක්විණ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය ‘ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය - 2025 න් ඔබ්බට, ප්‍රභාෂ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා’ යන ප්‍රධාන අංග 5 කින් සමන්විතය. රාජ්‍ය සේවය, විශ්‍රාමිකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා  විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි මෙම පස් අවුරුදු සැලැස්මෙන් විශේෂ අවධානය යොමු…
Read More
2024 චීන අන්තර්ජාල ශිෂ්ටාචාර සමුළුව පැවැත්වේ

2024 චීන අන්තර්ජාල ශිෂ්ටාචාර සමුළුව පැවැත්වේ

2024 චීන අන්තර්ජාල ශිෂ්ටාචාර සමුළුව සාර්ථකව පැවැත්වේ. ඒ, අද (28) චීනයේ චෙංදු නගරයේදී ය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ සංස්කෘතික චින්තනය සහ අන්තර්ජාල තාක්ෂණයෙන් රට සවිබල ගැන්වීමේ දැක්ම අනුගමනය කරමින්, නව යුගයේ අන්තර්ජාල ශිෂ්ටාචාරය ගොඩනැගීම මැනැවින් ප්‍රවර්ධනය කළ යුතු බව එම සමුළුවට සහභාගි වූ පිරිස පෙන්වා දී තිබේ. අන්තර්ජාල ශිෂ්ටාචාරය ගොඩනැගීමේ නිවැරදි දිශාව මනාව වටහාගෙන, ධනාත්මක සහ සවිමත් අන්තර්ජාල සංස්කෘතියක් අඛණ්ඩව සංවර්ධනය කළ යුතු බව ද ඔවුහු කියාසිටියහ. සයිබර් අවකාශයේ පාලන කාර්යක්ෂමතාව ඉහළ…
Read More
චීන-ඇමරිකානු සබඳතාව ජය, පරාජය සහිත ක්‍රීඩාවක් නොවිය යුතු බව ඇමරිකාවේ චීන තානාපතිවරයා කියාසිටී

චීන-ඇමරිකානු සබඳතාව ජය, පරාජය සහිත ක්‍රීඩාවක් නොවිය යුතු බව ඇමරිකාවේ චීන තානාපතිවරයා කියාසිටී

චීන-ඇමරිකානු සබඳතාව, එකිනෙකාට එරෙහි ජය, පරාජය සහිත  ක්‍රීඩාවක් නොවිය යුතු බව ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා පවසයි. ඊයේ (27) පැවති 6 වැනි Forbes ඇමරිකානු-චීන වාණිජ සාකච්ඡා මණ්ඩපයේ දී දේශනයක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. තමා සතු වගකීම් වෙනත් පාර්ශ්වයන්ට පවරා ගැටලු විසඳා ගත නොහැකි බවත් වෙළඳ, කර්මාන්ත සහ තාක්ෂණික අංශවල සටන්වලින් ජයග්‍රාහකයෙකු මතු නොවනු ඇති බවත් චීන තානාපතිවරයා පෙන්වා දුන්නේය. ෂී ජින් පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම හා සහයෝගිතා ඔස්සේ…
Read More
වෙළඳ ගැටලු දේශපාලනීකරණය නොකරන්නැයි චීනය කැනඩාවෙන් ඉල්ලයි

වෙළඳ ගැටලු දේශපාලනීකරණය නොකරන්නැයි චීනය කැනඩාවෙන් ඉල්ලයි

ආර්ථික හා වෙළඳ ගැටලු දේශපාලනීකරණය නොකරන ලෙස චීනය කැනඩාවෙන් ඉල්ලීමක් කරයි. චීනයෙන් ආනයනය කෙරෙන විදුලි වාහනවලට තීරුබදු වැඩියෙන් අය කිරීම ඇතුළු සීමා පැනවීමේ පියවර අනුගමනය කරන බව කැනඩා රජය ඊයේ (26) නිවේදනය කර ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා අද (27) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. මෙය, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිපත්ති නොසලකා කැනඩාව ගත් ආරක්ෂණවාදී පියවරක් බව ඔහු පැවසීය. චීන-කැනඩා ආර්ථික වෙළඳ සම්බන්ධතාවට මෙන්ම එරට ව්‍යාපාර හා පරිභෝගික අයිතීන්ට…
Read More
ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශකවරයා චීනයට පැමිණෙයි

ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශකවරයා චීනයට පැමිණෙයි

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා චීනයට පැමිණෙයි. හෙතෙම අද (27) පස්වරුවේ බෙයිජිං අගනුවරට ළඟාවිය. චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ඇරයුමක් අනුව, හෙතෙම අද (27) සිට 29 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වනු ඇත. එසේම, චීන -ඇමරිකානු උපායමාර්ගික අදහස් හුවමාරු කිරීමේ නව වටයට ද Jake Sullivan මහතා  සහභාගි වීමට නියමිත ය. ඇමරිකානු ජනාධිපතිවරයා‍ගේ ආරක්ෂක උපදේශකවරයකු චීනයට පැමිණියේ වසර 8 කට පසුව යි. මෙම සංචාරය, Jake Sullivan මහතා මෙම ධුරයට පත්වීමෙන් පසු නිරත වන…
Read More
අප්‍රිකාව සමග එක්ව අඛණ්ඩව දරිද්‍රතාව පිටුදැකීමට චීනය සූදානම්

අප්‍රිකාව සමග එක්ව අඛණ්ඩව දරිද්‍රතාව පිටුදැකීමට චීනය සූදානම්

අප්‍රිකාව සමග එක්ව දරිද්‍රතාව පිටුදැකීමේ ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම තම රටේ අපේක්ෂාව බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේ, දරිද්‍රතාව පිටුදැකීමේ චීන-අප්‍රිකා සහයෝගිතාවට අප්‍රිකානු මාධ්‍යවල හා විශේෂඥයන්ගේ අවධානය මෑතකාලීනව විශේෂයෙන් යොමුව තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එම සහයෝගිතා තුළින් අප්‍රිකාවේ ධාන්‍ය නිෂ්පාදනය හා ජනජීවිතය යහපත් කිරීම පිළිබඳව නව අපේක්ෂා රැගෙන එන බව ද අප්‍රිකානු විශේෂඥයන් පෙන්වා දී තිබේ.…
Read More