Sinhala News

චීන-අප්‍රිකානු කාන්තා අධ්‍යාපනය නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

චීන-අප්‍රිකානු කාන්තා අධ්‍යාපනය නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය සහ අප්‍රිකානු රටවල නායකයන්ගේ ආර්යාවෝ චීන-අප්‍රිකානු කාන්තා අධ්‍යාපනය පිළිබඳ රැස්වීමට සහභාගි වෙති. එම රැස්වීම 5 වැනිදා උදෑසන බෙයිජිංහි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී පැවැත්විණ. ගැහැණු දරුවන් හා කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ විශේෂ නියෝජිත, චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය එම රැස්වීමට සහභාගි වී දේශනයක් පැවැත්වූවාය. කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ දී චීනයට සහ අප්‍රිකාවට පොදු අරමුණු ඇති බව ඇය පෙන්වා දුන්නාය.  චීන-අප්‍රිකානු මිත්‍ර සහයෝගිතාවයේ ජීවගුණය ඉදිරියට ගෙන යමින් වඩාත්…
Read More
යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පුළුල් සහාය

යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පුළුල් සහාය

යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ලබාදෙන සහාය පුළුල් කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරයි. එම ආයතනය 3 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට වඩාත් සක්‍රිය පියවර ගන්නා බවයි. යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත පසුගියදා එල්ල වූ මිසයිල ප්‍රහාර හේතුවෙන් එරට න්‍යෂ්ටික විදුලි බලාගාරවල ආරක්ෂාවට තර්ජන පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. එසේ හානි සිදු වූ න්‍යෂ්ටික විදුලි පරිවර්තන ස්ථාන නිරීක්ෂණය කර වාර්තාවක් සැපයීම සඳහා විශේෂඥ කණ්ඩායමක් යොමු කිරීමට ද…
Read More
චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්

චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගි වන සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පවත්වති. බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ඊයේ (4) රාත්‍රියේ එය පවත්වනු ලැබීය. චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන් මෙවර සමුළුව සඳහා පිළිගැනීමට ලැබීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් සතුටට පත්වන බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන රජය සහ ජනතාව වෙනුවෙන් සියලුදෙනා උණුසුම් අයුරින් පිළිගන්නා බව ද ඔහු කියාසිටියේය. චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය ආරම්භ වූයේ…
Read More
චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි

චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට  එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.    ‘එක්සත් ව නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම’යන මැයෙන් චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රධාන දේශනය පැවැත්වීය. 2000 වසරේ දී ස්ථාපිත චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය ගෙවුණු වසර 24 තුළ එකිනෙකාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථාවර ලෙස ආරක්ෂා කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. දැවැන්ත ව්‍යසන සහ වසංගත හමුවේ පවා දෙපාර්ශ්වය…
Read More
මිලින වූ එංගලන්තයේ රෝස කුසුම

මිලින වූ එංගලන්තයේ රෝස කුසුම

මිලින වූ එංගලන්තයේ රෝස කුසුම ! මීට වසර 25කට පෙර 1997 වසරේ අද වැනි දිනක(අගෝස්තු31) එංගලන්තයේ රජ කුමරිය, ඩයනා ස්පෙන්සර්, පැරීසියේ පොන්ට් ඩී ඇල්මා අධිවේග උමග තුළදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. තම පෙම්වතා වූ ඩොඩී අල්ෆයිඩ් සමග මෝටර් රථයක ගමන් කරමින් සිටියදී පැපරාසි ජායාරූප කරුවන් ඇයව හඹා එන බව දැන සිටි ඇගේ පෞද්ගලික ආරක්ෂක මෙන්ම රියැදුරු වූ හෙන්රි පෝල්, රථය අධික වේගයෙන් ධාවනය කරමින් සිට්යදී උමග තුළදී ලිස්සා ගොස් 13 වැනි කුළුනේ ගැටී පොඩි…
Read More
අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා. අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 92 - රු. 12 කින් (නව මිල රු.332) * පෙට්‍රල් 95 - රු. 02 කින් (නව මිල රු.377) * ඔටෝ ඩීසල් - රු. 10 කින් (නව මිල රු.307) * සුපර් ඩීසල් - රු. 03 කින් (නව මිල රු.352) මිල නොවෙනස් වන ඉන්ධන වර්ග: * භූමිතෙල් -  (නව…
Read More
හදිසි අවස්ථා අරමුදල් සපුරාලීමට ජගත් සංවිධානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක්

හදිසි අවස්ථා අරමුදල් සපුරාලීමට ජගත් සංවිධානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක්

අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව සහ මැදපෙරදිග ඇතුළු කලාපවල රටවල් 10 ක හදිසි අවස්ථා සඳහා වන අරමුදල්වල ඌනතා සපුරාලීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් නිදහස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගනී.  එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) මේ බව පැවසීය. එම කාර්යාලයේ වැඩබලන මහලේකම් මෙන්ම මානුෂීය සහ හදිසි සහන සම්බන්ධීකාරක Joyce Msuya මහත්මිය, හදිසි ප්‍රතිචාර මධ්‍යම අරමුදලෙන් (CERF) එම ප්‍රතිපාදන ලබා දී තිබේ. මෙම නව අරමුදල්වලින් තුනෙන් එකකට අධික ප්‍රමාණයක් යේමනයේ සහ ඉතියෝපියාවේ ආධාර…
Read More
චෝදනා එල්ල කිරීමේ ක්‍රීඩාව නතර කරන්නැයි චීනය ඇමරිකාවට කියයි

චෝදනා එල්ල කිරීමේ ක්‍රීඩාව නතර කරන්නැයි චීනය ඇමරිකාවට කියයි

"අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ ක්‍රීඩාව නතර කරන්නැයි" චීනය ඇමරිකාවට කියයි. රුසියානු-යුක්රේන යුද ගැටුම්වලට අවිආයුධ සැපයීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (30) පැවති සාකච්ඡාවේ දී චීනයට අපහාස කළ ඇමරිකානු නියෝජිතයාට ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Geng Shuang මහතා මේ බව කියාසිටියේය. චීනය යුක්රේන අර්බුදයේ නිර්මාපකයා නොවන අතර, ඊට සෘජුව සම්බන්ධ පාර්ශ්වයක් ද නොවේ. එසේම, අදාළ කිසිදු පාර්ශ්වයකට අවිආයුධ ලබා නොදෙන චීනය සෑමවිටම යුදමය හා සිවිල් භාණ්ඩවල අපනයනය නිසි ලෙස…
Read More
චීන-ඉන්දීය දේශසීමා කටයුතු පිළිබඳ රැස්වීමක්

චීන-ඉන්දීය දේශසීමා කටයුතු පිළිබඳ රැස්වීමක්

චීන-ඉන්දීය දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණය සඳහා වන ක්‍රියාකාරී යාන්ත්‍රණයේ (WMCC) 31 වැනි රැස්වීම පැවැත්වේ. එය 29 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්විණ. ඒ චීන විදේශ අමාත්‍යාංශයේ දේශසීමා සහ සාගර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Hong Liang සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ සම-ලේකම් Gourangalal Das යන මහත්වරුන්ගේ සම-සභාපතිත්වයෙනි. දෙරට විදේශ කටයුතු මෙන්ම ජාතික ආරක්‍ෂාව සහ ආගමන විගමන කටයුතු පිළිබඳ රාජ්‍ය ආයතනවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වූහ. දෙරට විදේශ අමාත්‍යවරුන්  අතර පසුගියදා පැවැති සාකච්ඡාවේ…
Read More
පිලිපීනය-ඇමරිකාවේ-වාසි-වලිපීනය ඇමරිකාවේ වාසි වෙනුවෙන් තම රට අනතුරේ හෙළා ගත යුතු නැතැයි චීනය කියාසිටී

පිලිපීනය-ඇමරිකාවේ-වාසි-වලිපීනය ඇමරිකාවේ වාසි වෙනුවෙන් තම රට අනතුරේ හෙළා ගත යුතු නැතැයි චීනය කියාසිටී

පිලිපීනය ඇමරිකාවේ වාසි උදෙසා සිය ආරක්ෂාව කැප කරමින් අනතුරේ වැටිය යුතු නැතැයි චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා 30 වනදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, ඇමරිකාව පිලිපීනයේ මැදදුර මිසයිල සවි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඇමරිකාවේ හා පිලිපීනයේ මෙම ක්‍රියාව කලාපීය සාමය හා ස්ථාවරත්වය දැඩි ලෙස විනාශ කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ කලාපීය රටවල ඉහළ අවධානය යොමුව ඇතැයි ද Li Jian මහතා පැවසීය. ඇමරිකාවේ සැබෑ අරමුණ පැහැදිලිව…
Read More