Sinhala

චීනයේ වාර්ෂික සේවා ආනයන හා අපනයන පරිමාවේ ඉහළ වර්ධනයක්

චීනයේ වාර්ෂික සේවා ආනයන හා අපනයන පරිමාවේ ඉහළ වර්ධනයක්

2023 වසරේ චීනයේ සේවා ආනයන සහ අපනයන පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 900 ඉක්මවයි. ‘2023 චීන සේවා වෙළඳ සංවර්ධන වාර්තාවේ’ මේ බව දැක්වේ. 2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ඊ‍යේ (13) පැවති සේවා වෙළඳ සංවර්ධන සංසදයේ දී එම වාර්තාව නිකුත් කෙරිණ. 2023 වසරේ චීනයේ සමස්ත සේවා ආනයන සහ අපනයන වටිනාකම ඇ. ඩො. බිලියන 933.12 ක් ලෙස වාර්තා විය. එය 2022 වසරට සාපේක්ෂව 4.9% ක වර්ධනයකි. එසේම, මෙම වසරේ පළමු භාගයේදී ද චීනයේ සේවා වෙළඳ පරිමාණය…
Read More
දෙරට සබඳතා තර කිරීමට චීනය හා ඉන්දියාවේ එකඟතාව පළ වේ

දෙරට සබඳතා තර කිරීමට චීනය හා ඉන්දියාවේ එකඟතාව පළ වේ

ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා එක්ව ක්‍රියා කිරීමට චීනය හා ඉන්දියාව එකඟතාව පළ කරයි.   චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අතර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නග‍රයේ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පළ විය. දේශසීමා කරුණු සම්බන්ධයෙන් පැවති මෑතකාලීන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ. චීන-ඉන්දීය සබඳතාවන්හි ස්ථාවරත්වය දෙරටේ මෙන්ම කලාපයේ සාමය හා සංවර්ධනයට ඉතා වැදගත් බව දෙපාර්ශ්වයේ විශ්වාසය යි. අන්‍යෝන්‍ය අවබෝධය හා අඛණ්ඩ සන්නිවේදන පවත්වා ගනිමින්…
Read More
යුක්‍රේන අර්බුදය තීව්‍ර කිරීමට දායක නොවන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

යුක්‍රේන අර්බුදය තීව්‍ර කිරීමට දායක නොවන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

යුක්‍රේන අර්බුදය හා සම්බන්ධ ගැටුම් තවදුරටත් අවුළුවාලීමෙන් වළකින ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවං මහතා මේ බව පැවසුවේ, යුක්‍රේනයට අවි සැපයීම සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවති රැස්වීමක දී ය. යුක්‍රේන යුදබිමට අඛණ්ඩව ආයුධ හා උණ්ඩ ලැබෙමින් පවතින අතර, ඉන් සිදුවන්නේ තත්ත්වය වඩාත් දරුණු වී විශාල පිරිසකගේ ජීවිත අහිමිවීම පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය. එම තත්ත්වය  ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත. යුදමය තත්ත්වය…
Read More
චීන රාජ්‍යතාන්ත්‍රිකත්වය තුළ සෞදි අරාබියට සුවිශේෂ තැනක් හිමි බව චීන අගමැති කියයි

චීන රාජ්‍යතාන්ත්‍රිකත්වය තුළ සෞදි අරාබියට සුවිශේෂ තැනක් හිමි බව චීන අගමැති කියයි

චීනය සිය සමස්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ මැදපෙරදිග කලාපය හා සෞදි අරාබිය ප්‍රමුඛ කොට සලකන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. සෞදි අරාබි අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් ඔටුන්න හිමි කුමරු සමග ඊයේ (11) පැවති චීන සෞදි අරාබි උසස් පෙළේ ඒකාබද්ධ කමිටුවේ සිවුවැනි රැස්වීමේ සමසභාපතිත්වය දරමින් හෙතෙම මේ බව පැවසීය. චීන අගමැතිවරයා එහිදී  සල්මාන් බින් අබ්දුල්සිස් අල් සවුද් රජු සහ ඔටුන්න හිමි කුමරු වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පිරිනැමීය. දෙරට නායකයන්ගේ…
Read More
බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ රුසියාවේ දී හමුවෙති

බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ රුසියාවේ දී හමුවෙති

බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ 14 වැනි රැස්වීම පැවැත්වේ. එය ඊයේ (11) පැවැත්වුණේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී යි. ගෝලීය ආරක්ෂාවට එරෙහි තර්ජන, ත්‍රස්තවිරෝධී ප්‍රතිපත්ති, අන්තර්ජාල සුරක්ෂිතතාව සහ ගෝලීය පාලනය යන කරුණු සම්බන්ධයෙන් එහිදී පුළුල් අදහස් හුවමාරු කරගැනිණ. මෙම වසරේ, රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන බ්‍රික්ස් නායක සමුළුව සඳහා අවශ්‍ය මූලික දේශපාලනමය සූදානම ද මෙම රැස්වීමේ දී  සකස් වී තිබේ. චීන විදේශ අමාත්‍ය වං යී මහතා එම රැස්වීමට එක්වෙමින් පෙන්වා දුන්නේ ගෙවී ගිය වසර…
Read More
චීන ජනපති ශාංෂි සහ ගන්සු පළාත්වල සංස්කෘතික උරුමයන්හි සංරක්ෂණය විමසා බලයි

චීන ජනපති ශාංෂි සහ ගන්සු පළාත්වල සංස්කෘතික උරුමයන්හි සංරක්ෂණය විමසා බලයි

ඉකුත් 10 වැනිදා පස්වරුවේ සිට ඊයේ (11) පෙරවරුව දක්වා සිදුකෙරුණු චාරිකාවේ දී ජනාධිපතිවරයා ශාංෂි පළාතේ Baoji සහ ගන්සු පළාතේ Tianshui යන නගරවලට පැමිණ එහි විවිධ ස්ථාන නිරීක්ෂණය කළේය.  Baoji ලෝකඩ කෞතුකාගාරයේ පුරාවස්තු සංරක්ෂණය හා භාවිත කිරීමේ ක්‍රමවේද සහ Weihe ගංගා උද්‍යානයේ ජෛව පරිසරය සුරක්ෂිත කිරීම හා අදාළ පරිපාලන තත්ත්වය ද ඔහුගේ අවධානයට ලක්විය. අනතුරුව, Tianshui නගරයේ Fuxi විහාරස්ථානය, Maiji ගල්ලෙන යන ඓතිහාසික ස්ථානවලට පැමිණි චීන ජනාධිපතිවරයා එහි සංස්කෘතික උරුම සංරක්ෂණ තත්ත්වය ද විමසා බැලීය. එසේම,…
Read More
79 වැනි ජගත් මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

79 වැනි ජගත් මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එය ඊයේ (10) පස්වරුවේ ආරම්භ විය. 79 වැනි මහා මණ්ඩල සැසිවාරයේ සභාපති Philemon Yang මහතා එහිදී ආරම්භක දේශනය පවත්වමින් කියාසිටියේ, සාමය සහ ආරක්ෂාව ලොවට ඉතා වැදගත් වන අතර කලාපීය ගැටුම් විසඳීමට ජාත්‍යන්තර ප්‍රජාව වෙහෙස මහන්සි වී ක්‍රියා කළ යුතු බවයි. “ලොකු කුඩා සියලු රටවලට ආර්ථික සංවර්ධනයේ ඵල භුක්ති විඳීමේ හැකියාව” මෙන්ම තිරසර ආර්ථික වර්ධනයක් තහවුරු කිරීමේ අවශ්‍යතාව ඔහු එහිදී අවධාරණය කළේය. මේ…
Read More
රටක් සවිබලගැන්වීම සඳහා වන වැදගත් ම අඩිතාලම අධ්‍යාපනයයි – චීන ජනපති

රටක් සවිබලගැන්වීම සඳහා වන වැදගත් ම අඩිතාලම අධ්‍යාපනයයි – චීන ජනපති

අධ්‍යාපනයෙන් රට සවිබලගැන්වීම සඳහා පියවරෙන් පියවර ක්‍රියා කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. චීනයේ 40 වැනි ජාතික ගුරු දිනය නිමිති කරගනිමින් පැවති ජාතික අධ්‍යාපන සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.එය ඊයේ (10) බෙයිජිං අගනුවර දී පැවැත්විණ. අධ්‍යාපනය රටක් සවිබලගැන්වීම හා ජාතික පුනරුදය සඳහා වන වැදගත් අඩිතාලමකි. වසර 2035 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ප්‍රබල රටක් බවට පත් වීම චීනයේ ඉලක්කයයි. එම ඉලක්කය සාක්ෂාත් කිරීම අභියෝගයක් වුව ද , චීන කොමියුනිස්ට්…
Read More
චීන – සිංගප්පූරු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා

චීන – සිංගප්පූරු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා හමුවී සාකච්ඡා පවත්වයි. එම හමුව බෙයිජිං අගනුවර දී ඊයේ (9) පැවැත්විණ. ගෝලීය ස්ථාවරත්වය සඳහා ක්‍රියා කරන බලවේග දෙකක් ලෙස චීනය හා සිංගප්පූරුව කැළඹිලි සහිත ලෝකයේ උපායමාර්ගික සම්බන්ධීකරණයත්, සන්නිවේදනයත් ශක්තිමත් කළ යුතු බව වං යී මහතා එහිදී කියාසිටියේය. දෙරටම මේ වසරේ වැදගත් දේශීය සැලසුම් ක්‍රියාවට නංවමින් සිටී. එම ජාතික සංවර්ධන ඉලක්ක ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති බවත්,…
Read More
ඊශ්‍රායලයට පක්ෂපාතී රජයේ තීරණවලට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍ය වැසියෝ වීදි බසිති

ඊශ්‍රායලයට පක්ෂපාතී රජයේ තීරණවලට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍ය වැසියෝ වීදි බසිති

පලස්තීන-ඊශ්‍රායල ගැටුමේ දී ඊශ්‍රායලයට පක්ෂපාතීත්වය දක්වන තම  රජයේ ස්ථාවරයට එරෙහිව බ්‍රිතාන්‍යයේ දහස් ගණන් ජනතාව යළිත් ලන්ඩන් නුවරට රැස්ව විරෝධතා පවත්වති. ඊශ්‍රායලයට ආයුධ යැවීම නතර කරන ලෙස ඔවුන් තම රජයෙන් ඉල්ලා සිටියහ.   7 වැනිදා පස්වරුවේ ආරම්භ වූ උද්ඝෝෂණවලට  25,000 ක පමණ පිරිසක් සහභාගි වූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. මේ අතර, ඇමරිකාව ඊශ්‍රායලයේ දැවැන්තම ආයුධ සපයන්නා බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර ඇත. ඊට සාපේක්ෂව, බ්‍රිතාන්‍යය ඊශ්‍රායලය වෙත කරන ආයුධ අලෙවිය සුළු ප්‍රමාණයක් වන…
Read More