චීන රාජ්‍යතාන්ත්‍රිකත්වය තුළ සෞදි අරාබියට සුවිශේෂ තැනක් හිමි බව චීන අගමැති කියයි
චීනය සිය සමස්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ මැදපෙරදිග කලාපය හා සෞදි අරාබිය ප්රමුඛ කොට සලකන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. සෞදි අරාබි අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් ඔටුන්න හිමි කුමරු සමග ඊයේ (11) පැවති චීන සෞදි අරාබි උසස් පෙළේ ඒකාබද්ධ කමිටුවේ සිවුවැනි රැස්වීමේ සමසභාපතිත්වය දරමින් හෙතෙම මේ බව පැවසීය. චීන අගමැතිවරයා එහිදී සල්මාන් බින් අබ්දුල්සිස් අල් සවුද් රජු සහ ඔටුන්න හිමි කුමරු වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පිරිනැමීය. දෙරට නායකයන්ගේ…