චීන ජනපති ආර්යාව චීන -ඇමරිකා යෞවන හුවමාරු වැඩසටහනකට එක්වෙයි

චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය “චීන -ඇමරිකා මිත්‍රත්ව චාරිකාව” යන තේමාවෙන් යුතු යෞවන හුවමාරු ක්‍රියාකාරකමට එක්වෙයි. එය බෙයිජිං 8 වැනි මධ්‍යම පාසලේ දී ඊයේ (24) පැවැත්විණ.

ඇමරිකාවේ Washington ප්‍රාන්තයේ යෞවන නියෝජිත කණ්ඩායම සමඟ ඇය එහිදී සුහද පිළිසඳරක නිරත වූවාය. චීනයේ සංචාරය කරමින්, සැබෑ චීනය පිළිබඳව තමා විසින්ම වටහා ගැනීමේ ඇති වැදගත්කම ද Peng Liyuan මහත්මිය පෙන්වා දුන්නාය. චීන-ඇමරිකා යෞවනයන් නිසි අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව මිත්‍රත්වය ගොඩනගා ගනිමින් දෙරට සබඳතාවට ධනාත්මක ශක්තිය ලබාදෙනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කළාය.

චීන-ඇමරිකා සබඳතාවේ අනාගතය රඳාපවතින්නේ දෙරට තරුණයන් අත යි. යළි ඇමරිකාවට ගිය පසු පවුල්වල සාමාජිකයන් හා මිතුරන් සමග චීන සංචාරයේ අත්දැකීම් මෙන්ම චීන ජනතාවගේ මිත්‍රශීලීත්වය පිළිබඳ අදහස් බෙදාගන්නා ලෙස ද ජනපති ආර්යාව එම තරුණයන්ගෙන් ඉල්ලා සිටියාය. එමගින් දෙරට ජනතාව අතර පවතින බැඳීම් තවදුරටත් තහවුරු වනු ඇතැයි ද Peng Liyuan මහත්මිය කියාසිටියාය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *