චීන-ඉන්දීය දේශසීමා කටයුතු පිළිබඳ රැස්වීමක්

චීන-ඉන්දීය දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණය සඳහා වන ක්‍රියාකාරී යාන්ත්‍රණයේ (WMCC) 31 වැනි රැස්වීම පැවැත්වේ. එය 29 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්විණ. ඒ චීන විදේශ අමාත්‍යාංශයේ දේශසීමා සහ සාගර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Hong Liang සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ සම-ලේකම් Gourangalal Das යන මහත්වරුන්ගේ සම-සභාපතිත්වයෙනි.

දෙරට විදේශ කටයුතු මෙන්ම ජාතික ආරක්‍ෂාව සහ ආගමන විගමන කටයුතු පිළිබඳ රාජ්‍ය ආයතනවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වූහ. දෙරට විදේශ අමාත්‍යවරුන්  අතර පසුගියදා පැවැති සාකච්ඡාවේ දී එළඹුණු  එකඟතාවන්ට අනුව, දේශසීමා පිළිබඳ නව වැඩපිළිවෙළක් සඳහා දෙපාර්ශ්වය එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද එහිදී පෙන්වාදෙනු ලැබීය.

දේශසීමා ප්‍රදේශවල පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කළ පිරිස අවශ්‍ය වෙනස්කම් සිදු කර, සංවාදය සහ උපදේශන ශක්තිමත් කිරීමට ද කැමැත්ත පළ කළහ.  අදාළ ප්‍රදේශවල තිරසර සාමය පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කෙරිණ.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *