තම සාගර කලාපයේ නොසන්සුන්තා ඇතිකිරීම වහා නවතන්නැයි චීනය පිලිපීනයෙන් ඉල්ලයි

චීනයේ Nansha දූපත්වල කොටසක් වන ෂියන්බින් ගල්පරය ආශ්‍රිත සාගර කලාපය තම රට සතු බව චීනය යළි අවධාරණය කරයි. එහෙයින් තම සාගර කලාපයේ ප්‍රකෝප කිරීම් වහා නවතන ලෙස ද චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී.

පිලිපීනයේ යාත්‍රා දෙකක් අදාළ මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධීව ප්‍රවේශ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ෂියන්බින් ගල්පරය ආශ්‍රිතව දිගු කලක් තිස්සේ රැඳී සිටින පිලිපීන වෙරළාරක්ෂක නෞකාවන්ට විවිධ සැපයුම් ලබාදීම සඳහා පිලිපීනය බොහෝ වතාවක් සිය නෞකා බලහත්කාරයෙන් එම ප්‍රදේශයට යවා තිබේ. පිලිපීනයේ එවැනි පියවර චීනයේ ස්වෛරීභාවය මෙන්ම දකුණු චීන මුහුදට අදාළ පාර්ශ්වයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රකාශය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, එම සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය දැඩි ලෙස අඩපණ කර ඇති බවත් Lin Jian මහතා පෙන්වා දුන්නේය.

එම ප්‍රකෝප කිරීම් වහා නවතා අදාළ නෞකා වහාම ඉවත් කර ගන්නා ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. එසේම, තම භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, චීනය නීත්‍යනුකූලව අධිෂ්ඨානශීලී සහ ඵලදායී පියවර අඛණ්ඩව ක්‍රියාවට නංවන බව ද Lin Jian මහතා අවධාරණය කළේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *