චීන මුහුදු සීමාවන්‍ට අනවසරයෙන් ඇතුළු වූ පිලිපීන නෞකා දෙකක් පළවා හැරේ

චීන රජයේ අවසරයකින් තොරව එරට Nansha දූපත් සමූහයේ Xianbin ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ පිලිපීන නෞකා 2 ක් පලවා හැරේ. චීන වෙරළාරක්ෂක බලකාය අද (19) නීත්‍යනුකූලව එම පියවර ගත් බව එහි ප්‍රකාශක Gan Yu මහතා කියාසිටී.

මෙම පිලිපීන නෞකා චීනයේ අනතුරු ඇඟවීම් නොතකා, එම මුහුදු ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන චීන නෞකා සමඟ ගැටී තිබේ. එහි වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය භාර ගත යුතු බව Gan Yu මහතා පැවසීය. චීන වෙරළාරක්ෂක බලකාය තම මුහුදු ප්‍රදේශයේ අයිතිවාසිකම් මෙන්ම රටේ භෞමික ස්වෛරීභාවය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *