ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදය සැප්තැම්බර් මාසයේ දී

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර විවාදයක් සැප්තැම්බර් 10 වන දින පැවැත්වීමට නියමිත බව ABC මාධ්‍ය ජාලය වාර්තා කරයි. ඒ සඳහා එම අපේක්ෂකයන් එකඟ වී ඇති බව ද එම මාධ්‍ය ජාලය ඊයේ (08) වාර්තා කළේය.
 
මේ අනුව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් යන දෙදෙනාම මෙම විවාදයට ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කර ඇත.

මිනිත්තු 90 ක කාලයක් පැවැත්වීමට නියමිත මෙම විවාදය Philadelphia නගරයේ දී පැවැත්වීමට නියමිතය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට අනුව, විවාදය බොහෝ විට ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමේ ඉඩක් පවතින අතර, නිශ්චිත වැඩසටහන් ආකෘතිය සහ එහි මූලික රෙගුලාසි පිළිබඳ  මෙතෙක් තීරණය කර නොමැත.

එමෙන්ම කමලා හැරිස් සමග තවත් අවස්ථා දෙකක දී විවාද කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වී ඇති බව ද වාර්තා වේ. පසුගිය ජුනි මාසයේ පැවති විවාදයේ දී  ජෝ බයිඩන් අවම කාර්යසාධනක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර මතභේද නිර්මාණය වූ අතර, එම තත්ත්වය ඔහුට අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට පවා බලපෑවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *