ජූලි මාසය අවසන් වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.25 ක් වූ බව එරට විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනය පවසයි. ඊයේ (7) නිකුත් කෙරුණු වාර්තාවක මේ බව දැක්වේ. ජූනි මාසය අවසානය හා සසඳන විට එම සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 34 කින් වැඩි වී ඇති අතර, එය 1.06% ක වර්ධනයක් බව ද එම වාර්තාව කියයි.
චීන විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ජූලි මාසයේ දී ඇමරිකානු ඩොලර් දර්ශකය පහත වැටී ගෝලීය මූල්‍ය වත්කම් මිල සාමාන්‍යයෙන් ඉහළ ගිය බවයි. එසේම, විනිමය අනුපාත පරිවර්තනය වැනි හේතු සාධක නිසා එම මාසයේ චීනයේ විදේශ විනිමය සංචිත පරිමාණය වැඩි වූ බව ඔහු පෙන්වා දුන්නේය. මේ අනුව, චීන ආර්ථිකය ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති අතර ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් පවතින බව ද එම නිලධාරියා පැවසීය.
අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..