යේමනයේ තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යේමනයේ තත්ත්වය පිළිබඳව හදිසි රැස්වීමක් කැඳවයි. එය ඊයේ (22) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් Rosemary DiCarlo මහත්මිය එහිදී අදාළ තත්ත්වය  සම්බන්ධයෙන් කරුණු විග්‍රහ කළාය.

යේමනයේ හොඩෙයිඩා නගරයේ සහ ලෙබනන-ඊශ්‍රායල තාවකාලික දේශසීමා කලාපයේ මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් උත්සන්නව ඇති බව DiCarlo මහත්මිය පැවසුවාය. එමෙන්ම ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ක්‍රියාවට නංවා, බලහත්කාරයෙන් රඳවා සිටින සියලුදෙනා නිදහස් කළ යුතු බව ද ඇය යළිත් අවධාරණය කළා ය.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය නිසා ගාසා තීරයේ ගැටුම් ශීඝ්‍රයෙන් බාහිර කලාපවලට ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මෙහිදී පැවසීය. තවදුරටත් ගැටලු උත්සන්න වීම හෝ පාලනයෙන් තොර වීම වළක්වා ගැනීම සඳහා සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියාසිටියේය.

“ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීමට කාලසටහනක් සකස් කිරීම සඳහා බලයලත් ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවිය යුතු බව ද Fu Cong මහතා අවධාරණය කළේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *