චීනයේ නව ප්‍රතිසංස්කරණ තුළින් තවදුරටත් තහවුරු වන විවෘතභාවයේ ප්‍රතිපත්තිය.

චීනයේ නව ප්‍රතිසංස්කරණ මගින් එරට විවෘතභාවයේ ප්‍රතිපත්ති තවදුරටත් තහවුරු කෙරේ.

ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තහවුරු කරමින්, චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ තීරණය පසුගියදා සම්මත කෙරුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ දී ය.

එම තීරණයේ මුද්‍රිත පිටපත ඊයේ (21) ප්‍රකාශයට පත්කෙරුණු අතර, විවෘතභාවය සහතික කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් එහි අන්තර්ගත ය.

චීනයේ මහාපරිමාණ වෙළඳපොළ වාසිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර සහයෝගිතාවන් හි දී විවෘතභාවය වැඩිදියුණු කරන බව එම තීරණයේ දක්වා ඇත. මෙහිදී නීති රෙගුලාසි, කළමනාකරණය සහ ප්‍රමිතීන් ඇතුළු තවත් අංශ ගණනාවක් දක්වා චීනය සිය විදේශීය විවෘතභාවය පුළුල් කරනු ඇත.

එසේම,ජාත්‍යන්තර වෙළඳාම හා ආයෝජන වඩාත් නිදහස් මෙන්ම පහසු වීමත්, චීනය වඩා සක්‍රිය ලෙස ජාත්‍යන්තර ආර්ථිකයට එක්වීමත් මෙමගින් අපේක්ෂිත ය.

එමෙන්ම මෙවර සැසියේ දී විදේශ ආයෝජන පිළිගැනීම පිළිබඳ වැදගත් සැකැස්මක් ද ඉදිරිපත් කර ඇත. විදේශ ආයෝජන චීන වෙළඳපොළට ප්‍රවේශ‍ වීමේ දී පවතින කොන්දේසි අඩු කිරීම, ‍විදේශිකයන් චීනයට පිවිසීමේ දී පවතින පහසුකම් පුළුල් කිරීම, සුදුසුකම් බලපත්‍ර සහ ප්‍රමිති සැකසීම ඇතුළු ක්ෂේත්‍රවල විදේශ සමාගම් සඳහා වඩාත් සාධාරණ මෙන්ම විවෘත පරිසරයක් සහතික කිරීම ද ඊට ඇතුළත් ය.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ අධිගුණාත්මකභාවය තවදුරටත් සහතික කළ යුතු බව ද ප්‍රතිසංස්කරණ තීරණයේ සඳහන් ය. ඉන් ගෝලීය සංවර්ධනයට නව ගාමක බලයක් තිළිණ කෙරෙනු ඇතැයි ද එමගින් පෙන්වා දී තිබේ.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *