Sinhala World

චීන ජනපති ශාංෂි සහ ගන්සු පළාත්වල සංස්කෘතික උරුමයන්හි සංරක්ෂණය විමසා බලයි

චීන ජනපති ශාංෂි සහ ගන්සු පළාත්වල සංස්කෘතික උරුමයන්හි සංරක්ෂණය විමසා බලයි

ඉකුත් 10 වැනිදා පස්වරුවේ සිට ඊයේ (11) පෙරවරුව දක්වා සිදුකෙරුණු චාරිකාවේ දී ජනාධිපතිවරයා ශාංෂි පළාතේ Baoji සහ ගන්සු පළාතේ Tianshui යන නගරවලට පැමිණ එහි විවිධ ස්ථාන නිරීක්ෂණය කළේය.  Baoji ලෝකඩ කෞතුකාගාරයේ පුරාවස්තු සංරක්ෂණය හා භාවිත කිරීමේ ක්‍රමවේද සහ Weihe ගංගා උද්‍යානයේ ජෛව පරිසරය සුරක්ෂිත කිරීම හා අදාළ පරිපාලන තත්ත්වය ද ඔහුගේ අවධානයට ලක්විය. අනතුරුව, Tianshui නගරයේ Fuxi විහාරස්ථානය, Maiji ගල්ලෙන යන ඓතිහාසික ස්ථානවලට පැමිණි චීන ජනාධිපතිවරයා එහි සංස්කෘතික උරුම සංරක්ෂණ තත්ත්වය ද විමසා බැලීය. එසේම,…
Read More
79 වැනි ජගත් මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

79 වැනි ජගත් මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එය ඊයේ (10) පස්වරුවේ ආරම්භ විය. 79 වැනි මහා මණ්ඩල සැසිවාරයේ සභාපති Philemon Yang මහතා එහිදී ආරම්භක දේශනය පවත්වමින් කියාසිටියේ, සාමය සහ ආරක්ෂාව ලොවට ඉතා වැදගත් වන අතර කලාපීය ගැටුම් විසඳීමට ජාත්‍යන්තර ප්‍රජාව වෙහෙස මහන්සි වී ක්‍රියා කළ යුතු බවයි. “ලොකු කුඩා සියලු රටවලට ආර්ථික සංවර්ධනයේ ඵල භුක්ති විඳීමේ හැකියාව” මෙන්ම තිරසර ආර්ථික වර්ධනයක් තහවුරු කිරීමේ අවශ්‍යතාව ඔහු එහිදී අවධාරණය කළේය. මේ…
Read More
රටක් සවිබලගැන්වීම සඳහා වන වැදගත් ම අඩිතාලම අධ්‍යාපනයයි – චීන ජනපති

රටක් සවිබලගැන්වීම සඳහා වන වැදගත් ම අඩිතාලම අධ්‍යාපනයයි – චීන ජනපති

අධ්‍යාපනයෙන් රට සවිබලගැන්වීම සඳහා පියවරෙන් පියවර ක්‍රියා කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. චීනයේ 40 වැනි ජාතික ගුරු දිනය නිමිති කරගනිමින් පැවති ජාතික අධ්‍යාපන සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.එය ඊයේ (10) බෙයිජිං අගනුවර දී පැවැත්විණ. අධ්‍යාපනය රටක් සවිබලගැන්වීම හා ජාතික පුනරුදය සඳහා වන වැදගත් අඩිතාලමකි. වසර 2035 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ප්‍රබල රටක් බවට පත් වීම චීනයේ ඉලක්කයයි. එම ඉලක්කය සාක්ෂාත් කිරීම අභියෝගයක් වුව ද , චීන කොමියුනිස්ට්…
Read More
චීන – සිංගප්පූරු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා

චීන – සිංගප්පූරු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා හමුවී සාකච්ඡා පවත්වයි. එම හමුව බෙයිජිං අගනුවර දී ඊයේ (9) පැවැත්විණ. ගෝලීය ස්ථාවරත්වය සඳහා ක්‍රියා කරන බලවේග දෙකක් ලෙස චීනය හා සිංගප්පූරුව කැළඹිලි සහිත ලෝකයේ උපායමාර්ගික සම්බන්ධීකරණයත්, සන්නිවේදනයත් ශක්තිමත් කළ යුතු බව වං යී මහතා එහිදී කියාසිටියේය. දෙරටම මේ වසරේ වැදගත් දේශීය සැලසුම් ක්‍රියාවට නංවමින් සිටී. එම ජාතික සංවර්ධන ඉලක්ක ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති බවත්,…
Read More
ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් ඉහළට

ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් ඉහළට

ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යයි. ඇමරිකාවේ Georgia ප්‍රාන්තයේ Apalachee උසස් පාසලේ ඉකුත් 4 වැනි දා සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් සිසුන් දෙදෙනකු ඇතුළු සිවුදෙනෙක් මිය ගියහ. තවත් නව දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙම වසරේ එරට පාසල් ආශ්‍රිතව මෙවැනි වෙඩිතැබීම් වාර්තා වූ 218 වැනි අවස්ථාව මෙයයි. ගෙවුණු දශකය තුළ ඇමරිකාවේ පාසල්වල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිවලින් 51% ක් සිදු ව ඇත්තේ පන්ති පැවැත්වෙන අතරතුරදී ය. තුවක්කු ප්‍රචණ්ඩත්වය විශාල පරිමාණයෙන් රට පුරා…
Read More
සියලු රැඳවියන් වහා නිදහස් කිරීමට උපරිම උත්සාහ දරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

සියලු රැඳවියන් වහා නිදහස් කිරීමට උපරිම උත්සාහ දරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

ඊශ්‍රායල හෝ පලස්තීන සියලු රැඳවියන් වහා නිදහස් කිරීමට උපරිම රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න දරන්නැයි චීනය ඉල්ලා සිටී.    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා 4 වැනිදා මේ බව කියාසිටියේ, පලස්තීන ප්‍රශ්නය ඇතුළුව මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී අදහස් දක්වමිනි. ගාසා තීරයේ දී මිය ගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා අතිශය ඛේදජනක අවසානයකට මුහුණ පෑ බව ඔහු එහිදී පැවසීය. චීනය, සිවිල් වැසියන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය මෙන්ම ජාත්‍යන්තර නීතිය හා මානුෂීය නීතිය උල්ලංඝනය…
Read More
චීන-අප්‍රිකානු කාන්තා අධ්‍යාපනය නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

චීන-අප්‍රිකානු කාන්තා අධ්‍යාපනය නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය සහ අප්‍රිකානු රටවල නායකයන්ගේ ආර්යාවෝ චීන-අප්‍රිකානු කාන්තා අධ්‍යාපනය පිළිබඳ රැස්වීමට සහභාගි වෙති. එම රැස්වීම 5 වැනිදා උදෑසන බෙයිජිංහි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී පැවැත්විණ. ගැහැණු දරුවන් හා කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ විශේෂ නියෝජිත, චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය එම රැස්වීමට සහභාගි වී දේශනයක් පැවැත්වූවාය. කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ දී චීනයට සහ අප්‍රිකාවට පොදු අරමුණු ඇති බව ඇය පෙන්වා දුන්නාය.  චීන-අප්‍රිකානු මිත්‍ර සහයෝගිතාවයේ ජීවගුණය ඉදිරියට ගෙන යමින් වඩාත්…
Read More
යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පුළුල් සහාය

යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පුළුල් සහාය

යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ලබාදෙන සහාය පුළුල් කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරයි. එම ආයතනය 3 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට වඩාත් සක්‍රිය පියවර ගන්නා බවයි. යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත පසුගියදා එල්ල වූ මිසයිල ප්‍රහාර හේතුවෙන් එරට න්‍යෂ්ටික විදුලි බලාගාරවල ආරක්ෂාවට තර්ජන පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. එසේ හානි සිදු වූ න්‍යෂ්ටික විදුලි පරිවර්තන ස්ථාන නිරීක්ෂණය කර වාර්තාවක් සැපයීම සඳහා විශේෂඥ කණ්ඩායමක් යොමු කිරීමට ද…
Read More
චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්

චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගි වන සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පවත්වති. බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ඊයේ (4) රාත්‍රියේ එය පවත්වනු ලැබීය. චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන් මෙවර සමුළුව සඳහා පිළිගැනීමට ලැබීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් සතුටට පත්වන බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන රජය සහ ජනතාව වෙනුවෙන් සියලුදෙනා උණුසුම් අයුරින් පිළිගන්නා බව ද ඔහු කියාසිටියේය. චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය ආරම්භ වූයේ…
Read More
චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි

චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට  එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.    ‘එක්සත් ව නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම’යන මැයෙන් චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රධාන දේශනය පැවැත්වීය. 2000 වසරේ දී ස්ථාපිත චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය ගෙවුණු වසර 24 තුළ එකිනෙකාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථාවර ලෙස ආරක්ෂා කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. දැවැන්ත ව්‍යසන සහ වසංගත හමුවේ පවා දෙපාර්ශ්වය…
Read More